Posts

Showing posts with the label මහේන්ද්‍ර

මේ මහින්දලාගේ යුගයයි; ඔබත් මහින්ද කෙනෙක් ද?

(2011 මැයි 02,   W3Lanka )  ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ය. ආණ්ඩුවේ ඇමතිවරු අඩු තරමේ සිව්දෙනෙක්වත් මහින්දලා ය. ඒ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ හා මහින්ද රත්නතිලක ය. පොලිස්පති මහින්ද බාලසූරිය ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ ය. දිනමිණේ කර්තෘ මහින්ද අබේසුන්දර ය. ඔබ දන්නා තවත් ලොකු තනතුරු දරන මහින්දලා සිටිත් නම් මෙහි සඳහන් කරන්න. මේ මහින්දලාගේ යුගයයි. ලේඛකයා තුනේ පංතියේ සිටියදී ඔහුගේ පංතියේ ද මහින්ද කියා ළමයෙක් සිටියේ ය. ඔහුට සෙසු ළමයි විහිළුවට කුරුල්ලකුගේ නමක් කී හ. ටැක්සි රියදුරකු වූ ඔහුගේ තාත්තාගේ නම මයිකල් වූ අතර ඔහුට ද මිනිස්සු ඒ කුරුල්ලාගේ නම ම කී හ. ලේඛකයාගේ පංතියේ සිටි කුරුල්ලා ද දැන් කොහේ හෝ ලොකු අත්තක වසා ඉන්නවා විය හැකි ය. ඔබ අවට ද මහින්දලා සිටිත් නම්, තරාතිරම නො බලා පුටුවෙන් නැගිට ඔවුන්ට ගරු කරන්න. මේ ඔවුන්ගේ යුගයයි. එහෙත්, ජනාධිපතිතුමා නම් මහින්ද නො ව, මහේන්ද්‍ර ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න