Posts

Showing posts with the label මහින්ද අබේසුන්දර

මහින්ද අබේසුන්දර හා කසුරි ගැන අවමංගල්‍ය ලියුමක්

Image
මහින්ද රාජපක්ෂ තනි කර මහින්ද අබේසුන්දර යන්නට ගොස් ඇත. බැරි වන විට ලොකු මහින්ද පොඩි මහින්ද ගැන නොතකා හිටි බවට ද කතාවක් පැතිරිණි. හැබැයි පොඩි මහින්ද නම් ලෙඩ ඇඳේ සිටත් සිය වන්දිභට්ට වෛරී ප්‍රකාශ ලේඛනය රූපවාහිනියට යැවූ බව වාර්තා වේ. මුදල් නිසා වන්නටත් පුළුවන. කොහොමත් ලොකු මහින්දට පොඩි මහින්ද එතරම් පොරක් නො වේ. ලොකු මහින්දට වැසිකිලි වලවල් ගොඩ දැමීමේ බඩ රස්සාව කරන හඩ්සන්ලා, ජැක්සන්ලා තවත් එමට සිටිති. එහෙත් පොඩි මහින්දලා, කසුරිලා නැති වන්නේ ලොකු මෙහෙයුමක් වෙලාවේ ය. බලාගෙන යනකොට ඒකෙත් වැඩේ හැටි ය. බඩ වෙනුවෙන් පන්හිඳ ලෙලවමින් සිටියදී මෑතදී පරලෝකප්‍රාප්ත වූ මහින්ද අබේසුන්දර හා කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනා ම යම් දක්ෂතා තිබුණු අයයි. එසේම, වාමාංශික අදහස් මාකට් කරමින් ජනප්‍රියත්වයට පත් වූ අයයි. ඔවුන් ජනප්‍රිය වූයේ ඒ අදහස් නිසා ය. එහෙත්, අවසානයේදී ඔවුන් සිය ජනප්‍රියත්වය පාවා දුන්නේ දූෂිත ඒකාධිපතිත්වයක් වෙනුවෙනි. මේ දෙදෙනා ම අතීතයේදී පාසල් ගුරුවරු ද වූ හ. පත්තර රස්සාවට ආවේ ගුරුකම මදිකමක් වූ නිසා ද යන්න මම නො දනිමි. කරුණාදාස සූරියආරච්චි ලියූ නවකතාවලටත් වඩා මහින්ද අබේසුන්දර ලියූ ආගිය කතා මගේ ම...

මහේලලා රාජපක්ෂ, අබේසුන්දර මහින්දලා හා ක්‍රිකට්

Image
(2011 මාර්තු 03,  W3Lanka )  දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර හැම ගහට ම කොට කොටා යන ගමන් කෙහෙල් ගහකටත් කොටා තිබේ. හොට පැටළෙන්නට ද ඉඩ තිබේ. මේ කෙසෙල් ගස වනාහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී පකිස්තානයට පැරදුණු ලංකාවට ඔච්චම් කරමින් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනේදී මහින්ද අබේසුන්දර ව්‍යංගයෙන් නැඟූ බරපතල චෝදනාවක් වන්නේ මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර තරග පාවා දුන් බවයි. ‘ගේම් එක චේන්ජ් කරන්න යයි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ’ යයි ඔහු කීවේ ය. මාධ්‍යකරුවා සාමාන්‍ය මිනිසකුට වඩා දුර දකින්නට සමත් අයකු විය යුතු ය. සන් ෆ්ලවර් බයිලාවක තිබෙන ආකාරයට සාමාන්‍ය ජනයා ක්‍රිකට්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: "දිනුවදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා - එකක් දෙකක් අයියෝ පැරදුණාම ගොයියෝ මොනවද මේ කළේ අහනවා." හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කියන පරිදි මේ වනාහි ලංකා කණ්ඩායම දිරිමත් කළ යුතු මොහොතකි. ඔවුන්ගේ මානසිකත්වය අවුල් කරන්නට කටයුතු කිරීම සුදුසු නැති මොහොතකි. මහින්ද අබේසුන්දර වැනි එදා වේල වෙනුවෙන් කුලියට කහින ලිය...

බුදු අම්මෝ! මව්බිම ඉවරයි! ෆොන්සේකා යකෙක්! (මහින්දගේ ආගිය කතා)

Image
(2010 ජනවාරි 08 -W3Lanka) මහින්දගේ ආගිය කතා ඉස්සර පළ වුණේ ලක්බිම රිද්ම අතිරේකයේ ය. පසුව පොතක් ලෙස පළ වූ ඒ කතාවලට අපි මහත් සේ ඇලුම් කළෙමු. එහෙත් දැන් ඒ ආගිය කතා ලියවෙන්නේ දිනමිණේ හා රජයේ රූපවාහිනීවල ප්‍රවෘත්තිවලින් පසුවයි. දිනමිණ පුවත්පතේ නම් මේවා පළ වන්නේ කතුවැකිය ලෙසයි. මොන නමින් පළ කළත් පැරණි 'මහින්දගේ ආගිය කතා'වල රසය තවමත් ඒවායේ තැවරී තිබේ. මේවා අපේ බ්ලොග් පාඨකයන් කියවිය යුතු ය. ඒ නිසා අපි අද දිනමිණ කතුවැකිය හෙවත් 'මහින්දගේ ආගිය කතා' අලුත් පිටපත වෙත ඔබේ අවධානය යොමු කරමු. මවුබිම ඉවරයි! වි ශ්‍රාමික ෆොන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් අස්සන් කර තිබේ. මේ ගිවිසුමට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද අස්සන් කර තිබේ. කොළඹ රාජකීය මාවතේ පිහිටි ජනරාල්වරයාගේ නිවසේ දී දෙපිරිස අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත. මේ අනුව ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය විශ්‍රාමික ෆොන්සේකා මහතාට සහාය දක්වනු ඇත. උතුර හා නැඟෙනහිර නැවත ඒකාබද්ධ කොට ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම හෙවත් නැවත ඊළම ලබාදීම අත්අඩංගුවේ පසුවන සියලුම කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ඇතුළු භයානක පොරොන්...