Posts

Showing posts with the label මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි

මහාචාර්ය සිවතම්බි ලාංකික දෙමළ ජනයා වෙනුවෙන් කරුණානිධිට අප්‍රසාදය පළ කරයි

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) 2010 ජුලි මාසයේදී තමිල්නාඩුවේ චෙන්නෛහි පැවැත්වෙන ලෝක සම්භාව්‍ය දෙමළ සමුළුවේ ප්‍රධාන පර්යේෂණ සැසිය මෙහෙයවීම සඳහා මහ ඇමති කරුණානිධි විසින් තෝරා ගනු ලැබූ ගෞරව සහිතව විශ්‍රාම ලත් යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි එම තනතුර භාර ගැනීමට අකැමැත්ත පළ කර ඇත. මහ ඇමති කරුණානිධි ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය පිළිබඳව දක්වන ප්‍රතිචාරය කෙරෙහි තම ජනතාව තෘප්තිමත් නැති හෙයින් මේසේ අකැමැත්ත පළ කරන බව මහාචාර්ය සිවතම්බි එම ජාත්‍යන්තර සමුළුව සම්බන්ධීකරණය කරන තන්ජවූර් දෙමළ විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්. රාජේන්ද්‍රන්ට ලිඛිතව දැනුම් දී ඇත. දැන් 77වන වියේ පසු වන මහාචාර්ය සිවතම්බි ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ඨ බුද්ධිමතෙකි. පසුගිය සමයේ ඔහු දැරූ අදහස් වාම ජාතිකවාදී නැඹුරුවකින් යුක්ත විය. දැනට කොළඹ වෙසෙන ඔහු ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සංගමයේ මහලේකම් ද වේ.