මහරජ ගැමුණු ඔස්සේ මහින්ද - ප්‍රභාකරන් යුද්ධය කියවීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන් රජෙක් ලෙස ප්‍රවර්ධනය කර ගන්නට තිබුණු උවමනාව නිසා හෝ මහින්ද රාජපක්ෂව රජෙකු ලෙස භාර ගන්නට උවමනා වූ ජනතාවට ඔහුව අලෙවි කරන්නට තිබුණු ලෙහෙසි ක්‍රමය එය වූ නිසා හෝ පසුගිය සමයේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ රාජමානසිකත්වයක් ප්‍රවර්ධනය කරන ලදී. එහි අතුරු ඵලයක් ලෙස ලංකාවේ ඉතිහාස සිනමා ධාරාවක් නිර්මානය විය. රජුන් මහින්දගේ චරිතය සමග ස්පර්ශ වී යන ආකාරයට ගොඩනගන ලද ඉතිහාස කතා සිනමාවට නැගීම සඳහා අනුග්‍රහය ලබා දීමට අර්ථපතියෝ ඉදිරිපත් වූ හ. එමගින් ඔවුන්ට ද මහින්දගේ පැත්තේ සිටින බව ප්‍රදර්ශනය කිරීමටත්, සිය ව්‍යාපාර වෙනුවෙන් රාජපක්ෂ පවුලේ අනුග්‍රහය ලබා ගන්නටත් අවස්ථාව ලැබිණි. ඉතිහාස කතාවක් සිනමාවට නැගීම කලාකරුවකු ලෙස රාජ්‍ය පිළිගැනීමක් ලබා ගැනීමට හා සම්මානයට පාත්‍ර වීමට මාර්ගය විය. එසේම එවැනි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ද විවිධ ආකාරයෙන් ලබා ගත හැකි විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙළඳ නියෝජිත භූමිකාවට ගෙන වැටුප් නො ගෙවන සේල්ස් රෙප්වරුන් ලෙස ගුරුවරුන් යොදා ගනිමින් පාසල් දරුවන්ට මෙම චිත්‍රපටය අලෙවි කර ගැනීමට නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබිණි. එසේම ඉතිහාස කතාවක්...