Posts

Showing posts with the label මහනුවර

දළදා මාළිගා ටී ෂර්ට් හා ලුම්පන් ආගමිකයන් අත ඇති දේපල ආදිය ගැන

Image
දළදා මාළිගාවේ රූප සටහනක් ටී ෂර්ටයක මුද්‍රණය කර තිබුණා ය කියා දියවඩන නිලමේ නිලංග දෑල බංඩාර ඇතුළු පිරිසක් විසින් ඇති කරන ලද මහා කලබැගෑනිය දැන් අධිකරණය දක්වා දුර දිග ගොස් ඇත.  මේ ටී ෂර්ටය කාන්තා ටී ෂර්ටයක් වීම ද විශේෂයෙන් ඉස්මතු කර තිබුණේ එය පිරිමි ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූප සටහනක් මුද්‍රණය කිරීමටත් වඩා බරපතල කාරණයක් සේ ඉස්මතු කරමිනි.  මහනුවර නගරය  ඇතුළු ලංකාවේ බොහෝ පෞරාණික ස්ථාන මේ වන විට සංචාරක කර්මාන්තය වෙත යොමු කර ඇත්තේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ය. ආගමික නායකත්වය ද එයට අනුබල දී ඇත.  සංචාරක කර්මාන්තය සිදු වන තැන්වල සමරු සිහිවරටන වෙළඳපොළක් ද නිර්මානය වන අතර, මේ ටී ෂර්ටය ද එවැනි එකකි. ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූපය මුද්‍රණය කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා හැකියාවක් තිබේ ද යන්න ද පැහැදිලි නැත.  දළදා මාළිගාවේ රූපය වෙළඳ දැන්වීම්වල, බස්වල පිටුපස, ත්‍රිරෝද රියවල පිටුපස වීදුරුවේ ආදියේ ද අලවා ඇත. කාන්තා ටී ෂර්ටයක මෙය මුද්‍රණය කිරීම වැරදි නම් ඉහත ආකාරයේ තැන්වල මුද්‍රණය කිරීම ගැන කියන්නට ඇත්තේ කුමක් ද?  අනෙක් පැත්තෙන් ලංකාවේ මිනිස්සු බුදුන්ට ක...

මහින්දානන්ද සන්ධාන දිනුමට අනියි | Mahindananda brings discredit to the victory of the UPFA

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka )  නාවලපිටිය ආසනයේ මැතිවරණය නැවත පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. පවත්වන දිනය ළඟදී ම ගැසට් කිරීමට නියමිත ය.  නාවලපිටියේ ඡන්දය පවත්වනතුරු මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් කරන තුරු සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ නොහැකි ය. සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන තුරු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාවන් නිර්ණය කළ නොහැකිය.  මෙම තත්වය තුළ පාර්ලිමේන්තුව රැස් කිරීමට ද බැරි ය.  නාවලපිටියේ නැවත ඡන්දය පවත්වන්නට රු. කෝටි ගණනක් මහජන මුදල් වැය වේ.  සිංහල, දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට ලංකාවේ ආණ්ඩුවක් තිබේ ද යන්න පැහැදිලි නැත.  මේ වීරකම කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බව ප්‍රදේශවාසීහු කියති.  දූෂණයෙන් තොර විනයගරුක සමාජයක් බිහි කරන්නට පොරොන්දු වී සිටින ජනාධිපතිවරයා දැන් කුමන පියවරක් ගනු ඇද්දැයි අපි බලා සිටිමු.