Posts

Showing posts with the label මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඩෙංගු ලාභය ගණන් හැදීමට මිය ගිය පී.එච්.අයි.ගේ වටිනාකම අඩු කළ යුතු ය

Image
ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී න් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතන 1264 ක්‌ හඳුනාගෙන රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන පරීක්ෂකවරුන් රජයට ලබා දුන් ආදායමින් නිවැසියකුගේ අමානුෂික මෝල් ගස් පාරක් කා මිය ගිය මහජන පරීක්ෂකවරයාගේ වටිනාකම අඩු කළ යුතු ය. ආණ්ඩුව ලැබූ ලාභය හරියට ගණන් බැලිය හැක්කේ එවිට ය. ‍ඩෙංගු මරිදනය සඳහා රජය යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වන්නේ මෙසේ දඩ ගැසීමයි. ඉස්සර පැවති මැලේරියා වසංගතය මර්දනය කළේ තෙල් ගහලා ය. ඩෙංගු මරිදනය කරන්නට යන්නේ දඩ ගහලා ය.  එහෙත්, රජයේ දේපල වන මග දෙපස පිරිසිදු කිරීමට හා මහජන මුදලින් කළ යුතු කාර්යයක් වන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි පිළිවෙලක් සැකසීමට රජයට හැකි වී තිබේද? නිදසුනක් ලෙස, ලංකාවේ ප්‍රාදේශීය සභා බෙහෙමයක් කසල ඉවත් කිරීම සඳහා ගම්වලට එන්නේ නැත. ගම්වල ගොඩගැසෙන ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් ගිනි තැබීමයි. පොලිතින්, ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විශාල පිළිකාකාරක ...