Posts

Showing posts with the label මහ බැංකුව

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි

Image
( 2010 නොවැම්බර් 25,  W3Lanka )  අයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් අරමුදල් දෙකක්‌ අලුතින් පිහිටුවීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි. මේ අනුව ඉදිරියේදී දැනට සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් සඳහා එක්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් නැති විදේශ ශ්‍රමිකයන් වැනි අවිධිමත් අංශයේ සේවකයන් සඳහා තවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ද ආරම්භ වන බව වාර්තා වේ. දෙවනුව කියන ලද අරමුදලට විදේශ ශ්‍රමිකයන්ගෙන් අවම වශයෙන් මසකට රු. දහස බැගින් අය කර ගැනීමට නියමිත ය. 2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන  මේ අරමුදල් දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කළමනාකරණය කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි. දැනට ඊ.පී.එෆ්. ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම අනිවාර්ය වනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. අයවැය යෝජනාවේ සඳහන් පරිදි සේවකයන්ගෙන් සියයට දෙකකුත් සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායක මුදල් වශයෙන් මෙම අරමුදලට ල...

(රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැනි) ඔලමොට්ටල වියදම් 2010දී සීමා කළ යුතුයි -මහ බැංකු අධිපති

Image
( 2010 ජනවාරි 05 -W3Lanka) ලංකාව අයවැය පරතරය සීමා කළ යුතු බව හා ඔලමොට්ටල (reckless) පුනරාවර්තන වියදම්වලින් වැළකිය යුතු බව මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.    2010 ආර්ථික ප්‍රතිපත්ති පිළබඳව කොළඹදී පැවති ඉදිරිපත් කිරීමකදී කබ්රාල් මේ බව පැවසූමත් එම ඔලමොට්ටල පුනරාවර්තන වියදම් මොනවාදැයි නිශ්චිතව සදහන් කළේ නැත. එවැනි ඔලමොට්ටල වියදමක් කරන බවක් ඔහුගේ ප්‍රධානියා වන මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළි ගන්නේ ද යන්න ද සැක සහිත ය.  පුනරාවර්තන වියදම් යනු රජයේ එදිනෙදා වියදම් වන අතර ලක්ෂ 12 දක්වා වැඩි කළේ යයි ආණ්ඩුව පාරම් බාන දැවැන්ත රාජ්‍ය සේවයට ගෙවන වැටුප්, විශ්‍රාම වැටුප් හා සුබසාධන වියදම් පුනරාවර්තන වියදම්වලින් විශාල පංගුවකි.  මේ වසරේ මුල් මාස නමය තුළ තුළ රජයේ පුනරාවර්තන වියදම ගිය වසරේ (2008) වාර්තා වූ රුපියල් බිලියන 524.1 ක අගයේ සිට රුපියල් බිලියන 661.5 දක්‌වා සියයට 26 කින් වැඩි වී ඇත. මෙසේ පුනරාවර්තන වියදම් ඉහළ යැමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ වැටුප් හා වේතන, විශ්‍රාම වැටුප් ගෙවීම් සහ පොලී ගෙවීම් සඳහා රජයට දැරීමට සිදු වූ වියදම් ඉහළ යැමයි.  ...

ජනාධිපති රුපියල් දාහට

Image
(2009 දෙසැම්බර් 04 - W3Lanka ) ජනාධිපතිවරණයක්සඳහා නාම යෝජනා කැඳවා තිබියදී එහි අපේක්ෂකයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව රැගත් රු. 1000 මුදල් නෝට්ටුවක් මහ බැංකුව විසින් රට පුරා සංසරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර විසින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම මුදල් නෝට්ටුවේ එක් පැත්තක ජනාධිපතිවරයාගේ රූපය ද, අනෙක් පැත්තේ සිංහ කොඩිය ඔසවා ගත් සොල්දාදුවන් පිරිසක් ද දැක්වෙන අතර, එය නිකුත් කර ඇත්තේ යුද ජයග්‍රහණය සැමරීම සඳහා ය. 

මගේ රටට අයි. එම්. එෆ්. සරණයි - මගේ දැයට අයි. එම්. එෆ්. සෙවණයි

Image
(2009 අගෝස්තු 06 - W3Lanka ) මේක හරි ෂෝක් ණයක් - සියඹලා පිට්ටනිය "ඉතා පහසුම පොලී අනුපාතයකටයි මෙම සහන ණය මුදල ලබා ගෙන ඇත්තේ. ඩොලර් යුරෝ යෙන් යන මුදල් ඒකක එකතු වු පැසක් තුළ ඒ අවස්ථාවේදී ඉල්ලුමට පවතින පොලී අනුපාතයට සමානුපාතික පොලි අනුපාතයකට අනුවයි පොලිය තීරණය වන්නේ. 1.3 % ක් තමයි පළමු වාරිකයට පොලිය තීරණය වන්නේ. "දෙවන හා තෙවැනි වාරිකත් ඊට බොහෝ සෙයින් සමාන වෙනවා. ලෝකයේ පවතින පොලී අනුපාතයන් එක්ක ගත් විට මෙය ඉතා ලාබදායක පොලී අනුපාතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මාස 20 ක් තුළ වාරික 8 කිනුයි මෙම ණය මුදල අපට ලැබෙන්නේ. "මාස 20 අවසන් වෙන්නේ 2011 වසරේ මාර්තු මාසයේ. ඉන්පසුවයි මේ ණය ගෙවන්න පටන් ගන්න වෙන්නේ. මාස 20 අවසානයේ ණය සියල්ල ලබා ගත් පසුව ණය ආපසු ගෙවීම සඳහා වසරක සහන කාලයක් තිබෙනවා. එතැන් සිට (2012 සිට) වසර 4 ක කාලයක් තුළ මේ ණය මුදල ගෙවීම සඳහා කාලයක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කෙළින් ම යන්නේ මහ බැංකුවේ විදේශ සංචිතවලටයි. මෙම මුදල් සංවර්ධන කටයුතු හෝ ප‍්‍රාග්ධන වියදම් ලෙස යොදා ගත නොහැකි බවත්, යොදා ගත හැක්කේ රටේ ගෙවුම් ශේෂය තුලනය කර ගැනීමට පමණයි. විදේශ ...