මේ මදුරු මර්දනය තනිකර බොරුවකි. භීෂණය වැපිරීමකි.
(2011 ජුනි 25, W3Lanka ) මේ දිනවල මදුරු මර්දන සතියකි. තවත් භීෂණයකි. භීෂණය මදුරුවන්ට නො ව, මිනිසුන්ට ය. කට කතා පැතිර යන්නේ බල්ලකු ගෙනත් දැමූ පොල්කටුවක් තිබුණත් නඩු දමන බවටයි. වැහි පීලිවල වතුර රැඳී තිබුණත් නඩු දමන්නේ පීලි හැදූ එවුන්ට හෝ ඇල්ලූ බාස්ලාට නො ව ගෙහිමියන්ට ය. දැන් වැඩ කරන ජනතාවට සිදු වී තිබෙන්නේ වැඩට යන එක නවත්වා වත්ත වටේ, වහල උඩ ඇවිදිමින් මුර කරන්නට ය. ජාතික මදුරු මර්දන සතියේ හතර වැනි දිනයේ (23) පරීක්‍ෂා කිරීම්වලදී මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1811ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට ආණ්ඩුව උදම් අනයි. දැන් බලාගෙන ගියා ම මදුරුවන් බෝ වීම තනිකර මේ රටේ ජනතාවගේ වරදකි. මදුරුවන් බෝ වීම කෙරෙහි මිනිසුන්ගේ නො සැලකිල්ල හේතු නො වන බව අපි නො කියමු. එහෙත්, ඒ සඳහා මූලික හේතුව එය නො ව, ජනතාවගෙන් සූරා බදු අය කර ගන්නා ආණ්ඩුව සිය වගකීම් ඉටු නො කිරීමයි. නගර හැර රටේ අනෙකුත් ප්‍රදේශවල කසල කළමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැත. කිසිදු නගරයක පවා හරිහමන් කසල කළමනාකරණයක් නැත. මදුරුවන් බෝ වීම කෙරෙහි වැඩිපුර බල පාන්නේ කසල බැහැර කිරීමේ අක්...