උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east
(2010 අප්‍රේල් 12 - W3Lanka ) යාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි. 21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය. ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත. ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන...