Posts

Showing posts with the label භීතිය විකිණීම

ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය

Image
ආණ්ඩුව ග්‍රීස් යකා ද ජනතා විමුක්ති පෙරමුණට ගැට ගැසීමට දුෂ්ඨ උත්සාහයක යෙදෙයි.   "ගී‍්‍රස් යකා යන ව්‍යාජ සංකල්පයක් ඔස්සේ කටකතා පතුරුවා රට තුළ නොසන්සුන් බවක් ඇති කිරීමට මූලික වී ඇත්තේ පිරිහීමට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් බවට තොරතුරු අනාවරණය වෙයි. 1988 - 89 යුගයේ කඩදාසි කැබැල්ලකින් කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර පසුව එය භීෂණයක් දක්වා ගෙන යාමට මූලික වී ඇත්තේ ද මේ දේශපාලන ව්‍යාපාරය බව හෙළිව තිබේ." - අද දිනමිණ මුල් පුවතෙන් ජවිපෙට ප්‍රාදේශීය සභාවක ආසනයක් හෝ දිනා ගත නො හැකි මේ ග්‍රීස් යකුන් සිටින ප්‍රදේශවල ඉතිරි වී සිටින එක් හෝ ජවිපෙ සාමාජිකයකු වේ නම් ඔවුන්ට ජීවිත අනතුරක් ඇති කිරීමට මේ ඔස්සේ ආණ්ඩුව මාන බලන බව පෙනේ.  ඇත්ත වශයෙන් ම මෙවැනි කතා කියන්නෝ නම් සැබැවින් ම ග්‍රීස් යක්කු ය. මේ ග්‍රීස් යක්කු නිර්මානය කිරීමට දර දිය ඇද්ද ජවිපෙ ද මේ නෙළා ගනිමින් ඉන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි.  මෙවැනි මුග්ධ සමාජයක් මේ රටේ බිහි වීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පාර්ශ්ව දෙක වන්නේ ජවිපෙ සහ කොටි සංවිධානයයි. සමාජය දේශපාලනික හා සබුද්ධික කරනවා වෙනුවට තමන් පසුපස එන අඥාන, මුග්ධ ජනරාශි බවට ...

සුනාමි අනතුරු ඇඟවීම් හා භීතිය විකුණන සරසවි මන්ත්‍රාචාර්යවරු

Image
(2011 අප්‍රේල් 17,   W3Lanka )   සුනාමි පිළිබඳ කටකතා පැතිර යාම නිසා මේ දිනවල වෙරළබඩ ප්‍රදේශවල ජනයා නිතර කලබල වෙති. සුනාමි අවදානමක් ඇතැයි පැතිරෙන කටකථා වලට නොරැවටෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒවා පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, අවදානම් කලාපවල සිටින ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තොතරම් කීවත් මිනිස්සු කට කා අසා බිය වෙති. විද්‍යාවට වඩා අවිද්‍යාව, මිථ්‍යාව හා අද්භූත බලවේග විශ්වාස කරන්නට ලංකාවේ මිනිස්සු කොහොමත් ප්‍රිය කරති. එවැනි විශ්වාසයන්ට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. ජාතීන් අතර ගැටුමේදී සිංහල පාර්ශ්වයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස ජාතිවාදී බලවේග විසින් ප්‍රවර්ධනය කරන ලද ස්වෝත්තමවාදී ආකල්ප මෙම මිථ්‍යාවන්ට සරු පසක් විය. අද වන විට, ලංකාවේ පඳුරක්, පඳුරක් ගානේ විශ්ව ශක්තියෙන් හා වෙනත් අද්භූත බලවේගවලින් වැඩ ගන්නා වැඩකාරයෝ සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් සායනික ප්‍රතිතාර අවශ්‍ය මානසික රෝගීන් වන අතර, තවත් ඇතැමෙක් කූට ජාවාරම්කරුවෝ ය. ලංකාවේ මහජන මුදලින් ජාවාරම් කරන පාලක පැළැන්තිය මොවුන්ගේ ප්‍...

භීතිය විකුණමුද? සහෝදරත්වයට මං පෙත් සොයමුද? | Prospect theory and selling fear

Image
ඩැනියල් කැහ්නමන් (2010 ජුනි 27,  W3Lanka  අජිත් පැරකුම් ජයසිංහ)  2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උපයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි. මෙම තීරණගැනීමේ ක්‍රියාවලිය සංස්කරණය හා ඇගයීම යන අදියර දෙකකින් යුක්ත බව න්‍යායෙන් පැවස...