Posts

Showing posts with the label භික්ෂුනී ශාසනය

ඕල්කට් බෞද්ධයන්ගේ ස්ත්‍රී විරෝධය හා භික්ෂුනීන්ට සම තැන නො දීම

Image
( 2010 ජනවාරි  20 -W3Lanka) ශ්‍රී ලාංකීය භික්‌ෂූනීන් වහන්සේලා විෂයෙහි රජය පරිපාලන විෂමතාවකින් කටයුතු කිරීමෙන් භික්‌ෂූනීන්ගේ මානව හිමිකම් උල්ලංඝනයවී ඇති බව සඳහන් කරමින් සියම් මහා නිකායේ රංගිරි දඹුළු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව භික්‍ෂුනීන් වාසය කරන විහාරස්‌ථාන ලියාපදිංචිය පැහැර හැර ඔවුන් පිළිගැනීමට ලක්‌ නොකිරීමෙන් බරපතල අසාධාරණයක්‌ බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල්වරයා සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ. රංගිරි දඹුළු පාර්ශ්වීය සංඝ සභාවට භික්‌ෂූනීන් වාසය කරන විහාරස්‌ථාන 147 ක්‌ ඇති බවත්, උපසම්පන්න භික්‍ෂුනීන් 500 කට අධික සංඛ්‍යාවක්‌ හා සාමණේර භික්‌ෂූනීන් 2000ක්‌ පමණ සිටින බවත් බෞද්ධ සමාජය භික්‌ෂු භික්‍ෂූනීන් හා උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිසකගෙන් සමන්විත වන බවත්, එම සිව්වනක්‌ පිරිසකගේම අභිවෘද්ධිය තකා කටයුතු කිරීම බෞද්ධ කටයුතු දෙ...