අනුර කුමාර දිසානායක නම් ගවේශනාත්මක පුවත්පත් කලාවේදියා
(2011 ජුලි 02, W3Lanka ) ලංකාවේ ගවේශනාත්මක පුවත්පත් කලාව අන්තයට ම පිරිහී ඇත. ගවේශනාත්මක පුවත්පත් කලාවේ යෙදුණු මාධ්‍යකරුවන් ඝාතනය, බිය ගැන්වීම, රටින් පිටුවහල් වන තත්වයට පත් කිරීම මෙන් ම වාම නැඹුරුවක් සහිත මාධ්‍යකරුවන් මාධ්‍ය සංවිධාන හිමිකරුවන් බවට පත් වීම හා මතවාද දේශනා කරන්නන් බවට පත් වීම මේ තත්වය ඇති වන්නට හේතු වී යයි අපි අනුමාන කරමු. අද වන විට මාධ්‍ය කලාව යනු ලංකාවේ දක්ෂ තරුණ තරුණියන් ආකර්ශනය කර ගන්නා වෘත්තියක් නො වේ. අද වන විට එයට පිවිසෙන බොහෝ තරුණ තරුණියන්ගේ පවා අරමුණ දේශපාලනය සමග සෙට් වී කෙටි කලකින් රාජ්‍ය මාධ්‍යයක හෝ ඇමති මාධ්‍ය කණ්ඩායමක බලය ඇති බඩ රස්සාවක් සොයා ගැනීමයි. දක්ෂ විකල්ප මාධ්‍යකරුවන් පිරිසක් බිහි කරන්නට ජවිපෙ පවා අසමත් විය. ජවිපෙ ජනමාධ්‍යයන්ගේ සිටි මහා විප්ලවවාදීන් ලෙස පෙනී සිටි අය අද ඉන්නා තැන් ගැන සොයා බැලූ විට බල්ලෝ ද බත් කන එක නවත්වනු ඇත. කෙසේ වෙතත්, ගවේශනාත්මක මාධ්‍යකරුවකුගේ භූමිකාව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් රඟ දක්වන අපූරු අවස්ථාවක් අපට ඊයේ දක්නට ලැබිණි. ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසි...