කැලනියට සියඹලාණ්ඩුවක් | De facto state in Kelaniya
(2010 අප්‍රේල් 17 - W3Lanka ) ගම්පහ දිස්ත්‍රික් ජනතාව විසින් අති විශාල මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර ගන්නා ලද ආචාර්ය මර්වින් සිල්වා කැලනිය ආසනයේ මත්පැන් විකිණීම තහනම් කිරීමේ විශේෂ නියෝගයක් නිකුත් කර ශබ්ද විකාශන මගින් එය දැනුම් දී තිබේ. මත්පැන් විකිණීම සඳහා රජය විසින් බලපත්‍ර ලබා දී ඇති බාර්වලට ද මේ තහනම අදාල බව ආචාර්ය මර්වින් කියයි. මේවා දකින අපට නම් බොන්නේ නැතුවත් සූර්ය. මහින්දානන්ද සිල්වා හිටපු ඇමති කැලනියේ හිටියා නම් චූලෝදර, මහෝදර සටනේ අලුත් පිටපත බලා ගන්නට තිබිණි. 1987-89 කාලයේ ජවිපෙ කැරැල්ල අතරතුරදී ද මෙවැනි නියෝග නිකුත් කරන ආණ්ඩුවක් ක්‍රියාත්මක විය. එම නියෝග නොපිළිපැද්ද අයගේ කටවල් කැපීම, අත-පය කැපීම, ලයිට් කණුවල බැඳ තැබීම, වෙඩි තබා මළ මිනී ප්‍රදර්ශනය කිරීම වැනි දඬුවම් ලැබිණි. එකල ජනතාව ඒ ආණ්ඩුවට කීවේ සියඹලාණ්ඩුව කියාය. දැන් කැලනියට සියඹලාණ්ඩුවක් ලැබී තිබේ. මර්වින් සිල්වා ජනාධිපතිකමට පත් කර ගත්තා නම් රට ම සියඹලාණ්ඩුවක් කර ගන්නට පුළුවන.