ඔය තරම් ම සමරන්නට තරම් දෙයක් ඇත්තට ම මේ නිදහසින් ලැබුණා ද?
(2011 පෙබරවාරි 05, W3Lanka ) 1815දී ලංකාව බ්රිතාන්ය යටත් විජිතයක් බවට පත් නො වුණා නම්,මේ රටට කුමක් සිදු විය හැකිව තිබුණි ද යන්න කීමට අපි නො දන්නෙමු. එහෙත්, අපි එක දෙයක් දන්නෙමු. බ්රිතාන්ය යටත් විජිතයක් වීම නිසා ලංකාව දැවැන්ත විපර්යාසයකට නම් ලක් විය.එම විපර්යාසය නූතන සංකල්ප අනුව නම් වේගවත් සංවර්ධනයකි. එම සංවර්ධන ක්රියාවලියට බඳුන් නො වූවා නම් ලංකාව ද භූතානය සේ නූතන අර්ථයෙන් පසුගාමී රටක් වන්නට ඉඩ තිබිණි. එහෙත්, ලංකාව භූතානයක් වන්නට බැරි ය. මක් නිසා ද යත්, මේ දිවයින පිහිටා ඇත්තේ ආරක්ෂක හා වෙළඳ උපායික මර්මස්ථානයක වන හෙයිනි. බ්රිතාන්ය ජාතිකයෝ ලංකාව නම් දූපත එක් මධ්යගත රාජ්ය පාලනයක් යටතට ගත් හ. ඊට පෙර ලංකාවේ දේශපාලනයේ තිබුණේ ඒකීය රාජ්යයක ලක්ෂණ යැයි අප අද හඳුනා ගන්නා ලක්ෂණ නො වේ. පෘතුගීසීන් ලංකාව ආක්රමණය කරන විට අඩු තරමේ වෙන වෙන ම රාජ්යයන් පහක්වත් ලංකා දිවයිනේ තිබුණ බව පෙනේ. මේ ඒකීය රාජ්ය පාලනය චිරස්ථායී කිරීම සඳහා මුළු රට ම එක් මධ්යස්ථානයකට ඈඳන මාර්ග ජාලයක් අවශ්ය වූ අතර ඉංග්රීසීහු ඒ වෙනුවෙන් මහාමාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් ඇති කළ හ. එසේ ම, රටේ පරිපාල...