කවුද මේ බස්සා? කරනු ඔහු දිවි රස්සා
(2010 ජුලි 27, W3Lanka ) බස්සා කවුද? වෙන වැඩ පසෙක තබා පෝස්ටර් අලවමින් මේ ප්‍රශ්නය අසන්නේ මාතර පොලිසිය බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි. අනාදිමත් කාලයක සිට විශේෂයෙන් ම කොල්ලන්ගේ සමාජයේ බාලසූරිය බාලයා ය. සෙනෙවිරත්න සෙනෙවියා ය. ගුණරත්න ගුණයා ය. එසේම මහින්ද මයිනා ය. උපුල් කුකුළා ය. අජිත් අජ්ජා ය. ලලිත් ලල්ලා ය. එපමණක් නොව ප්‍රින්සිපල් පිනා ය. වයිස් ප්‍රින්සිපල් වයිටා ය. ලෙක්චරර් ලෙචා ය. ඩොක්ටර් ඩොකා ය. පොලිස් කොස්තාපල් කොස්සා ය. ලංකාවේ සිටින සියලු බස්නායකලා පාසල් යන කාලයේ බස්සලා ය. මේ බව පාසල් ගිය කාටත් තේරේ. මේ වනාහි එක්තරා උප සංස්කෘතික භාෂා ලක්ෂණයකි. සරසවි උප සංස්කෘතියේදී නම් සෑම සිසුවකුට ම කාඩ් එක යයි කියන අන්වර්ථ නමක් ද ඇත. රුහුණු විශ්ව විද්‍යාලයේ බස්නායක නම් තරුණ සිසුවා ද බස්සා වන්නේ ඒ අනුව මිස ඔහු බස්සකුගේ පෙනුම ඇත්තකු හෝ නිශාචරයකු හෝ වෙනත් එවැනි හේතුවක් හෝ නිසා නොවේ. මේ වනාහි තවත් එක් සාමාන්‍ය සරසවි සිසුවෙකු විය හැකි ය. ඔහු වනාහි වසර කීපයකට පෙර කුමක් හෝ පාසලක සිටි දක්ෂ ශිෂ්‍යයෙකි. ඔබේ දරුවෙකි. සහෝදරයෙකි. පක්ෂියෙක් නොවේ. වර...