Posts

Showing posts with the label බලොග්

වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද දිමිත්‍රි?

Image
විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි.  එසේම, සත්‍ය ස්වයං විවේචනය යනු ද වාමාංශික නයින්ට අඳුකොළ වැනි දෙයකි. වාමාංශිකයන් හැම විට ම උත්සාහ ගන්නේ ප්‍රබන්ධ වීරත්වයන් මත පවතින්නට ය. මේ ඒ සඳහා උදාහරණයකි. "(වික්‍රමබාහු) යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.)" -දිමිත්‍රි දැන් මේ කීපදෙනා අතරට ඔහු එකතු නො කරන නමක් තමයි, මගේ නම. ඒත්, රෝහිත භාෂණ ඔය නිර්භීතව අදහස් ප්‍රකාශ කළ පත්තරේ ඒ යුගයේ කතුකම කළේ මම. රට හැර ගොස් නිහඬව සිටින නිසා රෝහිත භාෂණ අද බොහෝ දෙනෙකුට වීරයෙක් වෙලා. පසුගිය ජනරළ සම්මන්ත්‍රණයේදී ජනරංජනගේ කතාවෙනුත් මේ අදහස කියැවුණා. ඒත්, මේ කට්ටිය රට හැර ගියේ ඔය කියන තර්ජන නිසා ම ද? මංජුල වෙඩිවර්ධනට ලංකාවට එන්න බැරි ඔහු ලියපු කවි නිසා ද? එහෙනම් ඔහුට මෙහේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ කොහොම ද? සියත පත්තරේ පිටු ටික පාස් කර ගන්නට රජගෙදරට අරන් ගියේ මේ මංජුල නෙමෙයි ද? මේ අය දැරූ ස්ථාවරය යුද විරෝධී ...