පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka
ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ. රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය. එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන. මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි...