Posts

Showing posts with the label පෞද්ගලික බස්

අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

Image
(2011 ජුනි 26,   W3Lanka )   අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි. මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය: ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය. ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු...

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka  )  පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි. තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද? පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන...

හැන්දෑවට දුවන්නේ නැති වුණාට ප්‍රයිවෙට් බස්වලට ජී.පී.එස්.

Image
(2009 දෙසැම්බර් 03 - W3Lanka ) බස් මගීන්ට Global Positioning System (GPS) නම් සිටින ස්ථානය හඳුනා ගැනෙන තාක්ෂණය සහිත බස් ටිකට් පතක් හැකි ඉක්මණින් නිකුත් කරන බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. එහෙත්, ලංකාවේ බස් මගීන්ට අවශ්‍ය හොඳ ටිකට් පතක් පමණක් නොවේ. හොඳ බස් සේවයක් ද අවශ්‍ය ය. බස්වල අධික ලෙස සෙනග පටවන බව, ඇතැම් බස් සේවකයන් අවිනීත බව හා ඇඳිරි වැටුණු පසු පාරේ පෞද්ගලික බස් නැති බව මගීහු චෝදනා කරති. ජනවාරි 01 සිට බස් සේවකයන්ට නිල ඇඳුම් අනිවාර්ය කරන බව ද ගැමුණු විජේරත්න පවසයි. නිල ඇඳුම් ඇන්ද පමණින් බස් සේවකයන් විනීත වන්නේ නැති බව මගීහු පෙන්වා දෙති. මේ අතර, බස් සේවකයන් අද දිවයින පුවත්පතට ප්‍රකාශ කරන්නේ " බස්‌ සේවක නිලඇඳුම්වල ප්‍රමිතියක්‌ නැහැ. ඒවා ඇඳගෙන වැඩකරන්න බැහැ. දුරකථන සමාගම් වලින් නිල ඇඳුම්වලට ලබාදුන් රුපියල් ලක්‍ෂ 93 ක මුදල සමහර බස්‌ සංගම් විසින් යටි මඩි ගහලා. ඒ විතරක්‌ නොවෙයි අපිට නිලඇඳුම් දීලා ඒවට සල්ලිත් ගත්තා." යනුවෙනි. පුද්ගලික බස්‌ රථ ...