නව පණ ලබන පුවත්පත් මණ්ඩලය හා පණ අදින පුවත්පත් පැමිණිලි කොමිෂම
(2011 මැයි 21, W3Lanka ) මේ ආණ්ඩුව තරම් නාස්තියට දූෂණයට එරෙහි වෙනත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් නැත. පසුගියදා ආණ්ඩුව සොයා ගත් තවත් නාස්තියක් වන්නේ 2002 සිට අහෝසි කර ඇති පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් තවමත් නිලධාරීන්ට වැටුප් ගෙවන බව හා කාර්යාලයක් ද නඩත්තු කරන බවයි. මේ නාස්තිය නැවැත්වීම සඳහා ආණ්ඩුව දැන් පුවත්පත් මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත යළි ගෙන ඒම තුළිනි. මෙම පනත යටතේ පුවත්පත් කලාවේදීන්ට දඩ හෝ සිර දඬුවම් පැමිණවීමේ බලය පුවත්පත් මණ්ඩලයට ලැබේ. කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට දඬුවම් ලබාදීමක් හෝ මාධ්‍යවේදීන් අධිකරණයකට ඉදිරිපත් කිරීමක් පුවත්පත් මණ්ඩලය සිදු කර නැතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය. මෙය සමාන වන්නේ මරණ දඬුවම පැමිණුව ද එය ක්‍රියාත්මක නො කරන තත්වයටයි. මොන බයිලා කීවත් මේ අයියලාගේ කෙරුවාව ජනමාධ්‍යකරුවෝ පමණක් නො ව මුළු ලෝකය ම දනිති. දැනටත් මාධ්‍යකරුවන් සිය පෑන හසුරුවන්නේ එකී තත්වය පිළිබඳ මනා අවබෝධයකිනි. මේ වනාහි ඔවුන් බිය වැද්දීම සඳහ...