Posts

Showing posts with the label පීපල්ස් මාච් සඟරාව

මහජන ව්‍යාපාරයක් උදෙසා වසරක පීපල්ස් මාච්

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ) මහජන ව්‍යාපාරයක් උදෙසා මතවාදයක් ද කි‍්‍රයාකාරීන්ගේ සංවිධානයක් ද ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කළ පීපල්ස් මාච් සඟරාවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වත්මන් දේශපාලන තත්වය ද අවධාරනය කරමින් පුංචි සම්මන්ත‍්‍රණයක් දෙසැම්බර් 9, අද ප. ව. 2. 00 සිට ප. ව. 6. 00 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ කුඩා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.  මෙහිදී ආරාධිත කතිකයෙක් ලෙස ආචාර්ය විජිත නානායක්කාර ද පීපල්ස් මාච් සඟරාවෙහි කර්තෘ මණ්ඩලය ද අදහස් දැක්වීමෙන් අනතුරුව විවෘත සංවාදයක් පැවැත්වේ.  මහජන ව්‍යාපාර සෑදීම පමණක් නොව, සඟරාවක් පවත්වාගෙන යාම වුව අති දුෂ්කර කාර්යයක් වන අද දවසේ ඒ වෙනුවෙන් වෙහෙසෙන පීපල්ස් මාච්ට අපේ සහෝදරාත්මක සුබපැතුම්.