Posts

Showing posts with the label පිලිප් ගුණවර්ධන

පැරණි වමේ අවසන් ජීවමාන පහන නිවී යයි

Image
  (2009 ජුලි 07) මුල් කාලීන වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනුණු නායිකාවක හා ඉන්දියාවේ වෘත්තීය සමිති නායකයකු වූ එස්. සී. සී. ඇන්තනි පිල්ලෛගේ බිරිඳ වූ කැරොලින් ඇන්තනි පිල්ලෛ හෙවත් කැරොලින් රූපසිංහ ගුණවර්ධන (උපත 1908 ඔක්තෝබර් 08) අවුරුදු 101ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය.  ජීවිතයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ සිටි ඇය 2000දී සිය ස්වාමියාගේ අභාවයෙන් පසු ලංකාවට පැමිණියාය. නැසී ගිය වාම නායකයන් වූ පිලිප්, හැරී හා රොබට් ගුණවර්ධන ඇගේ සොයුරෝ වූහ.  1936දී ලංකා සමසමාජ පක්ෂයට බැඳුණු ඇන්තනි පිල්ලෛ හොඳ වෘත්තීය සමිති නායකයකු කිරීම පිණිස ඔහුට සිංහල ඉගැන්වීම පක්ෂය විසින් කැරොලින්ට පැවරුණු අතර ඔහුට වඩා සය වසකින් වැඩිමහළු ඇය පසුව ඔහුගේ බිරිඳ වූවාය. කල් ගත වන විට ඇය විප්ලවවාදිනියකට වඩා ඇන්තනි හෙවත් ටෝනි අයියාගේ උදව්කාරියක වූ බව එස්. මුත්තයියා 'ද හින්දු' පුවත්පතට ලියූ ලිපියක පවසයි.  වතු පාලකයන්ගේද, රජයේද කරදර මැද උඩරට වතු කම්කරුවන් සංවිධානය කිරීමේ කාර්යයේ යෙදී සිටි මෙම යුවලට දෙවන ලෝක යුද සමයේ පාලකයන් සමසමාජ නායකයන් හඹා එද්දී ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ උදව්වෙන් මදුරෛහි සඟවී සිටීමට සි...