ජනාධිපතිතුමනි කෝ ඔබේ ධෛර්යය?
මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු. එහෙත්, අද සිදු වූ සිද්ධිය නම් ඉතා නීච, නින්දිත, විලි ලජ්ජා නැති තත්වයකි. පොදු අපේක්ෂකයා පළමු වරට සහභාගි වූ රූපවාහිනී වැඩසටහන වූ සිරස සටන වැඩසටහන ඩයලොග් හා පියෝ ටීවී ඔස්සේ විකාශය වීම නැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඔහු මෙසේ කරන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ පුවත්පත්, ගුවන් විදුලි සේවා හා රූපවාහිනී සේවා මුළුමනින් ම සිය ප්‍රචාරය සඳහා පාවිච්චි කරන ගමන් ය. මෙවැනි ගොබ්බ වැඩ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් කළේ කදුරු ගෙඩිවලින් බෝල ගහන කාලයේ ය. එසේ කළේ මුලින් බැට් කර පසුව බැට් කරන පිලට පන්දු යවන්නේ නැතිව පළා යාමෙනි. මේවාට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ නොට් ක්‍රිකට් කියා ය. මේ නම් ඇත්තෙන් ම පරාජය පිළිගැනීමකි. දැන් ඉතින් ඉදිරියට මෛත්‍රීපාල එන සියලු වැඩසටහන් බ්ලොක් කරනවා ද? ජනාධිපතිතුමනි, ඔබෙන් මීට වඩා තරගයක් බලාපොරොත්තු වෙමු. පැනල...