Posts

Showing posts with the label පැණි බීම

'රිෆ්‍රෙෂ් ඔරේන්ජ්' තහනම හා පැණි බීම මාරයා | Ban on Refresh Orange and the killer soft drinks

Image
රිෆ්‍රෙෂ් ඔරේන්ජ් තහනම පිළිබඳ පුවත සමග රජයේ ලංකා පුවත් අඩවියේ පළ වූ ඡාය ාරූපය (2011 පෙබරවාරි 19,  W3Lanka )   පානය කිරීමෙන් පසු 11හැවිරිදි ගැහැනු ළමයකු මිය යාම හා ඇගේ මව බරපතල ලෙස රෝගාතුර වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරන ලද පැණී බීම වර්ගය මේ රටේ ප්‍රධාන ජනමාධ්‍යවලට ඇනොනිමස් හෙවත් නිර්නාමික ය.  එයින් මේ ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම පෙනේ. දුප්පත් මිනිහෙකු කරන වරදකදී කිසිදු ආචාර ධර්මයකින් තොරව කටයුතු කරන ජනමාධ්‍ය මේ පැණි බීම වර්ගයේ නම පවා සඳහන් නො කිරීමට පරිස්සම් වන්නේ ඇයි?  මරණයට හේතුව එම පැණි බීම වර්ගයමදැයි තවමත් නීත්‍යානුකූලව ඔප්පු වී නැති නිසා එසේ කරන බවට තර්ක කළ හැකි ය. මේ පරිස්සම දුප්පතුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? නීතියෙන් වරදකරුවන් වන්නට පෙර ජනමාධ්‍ය විසින් කීදෙනෙකු වරදකරුවන් ලෙස හංවඩු ගසා තිබේ ද?  මෙතැන ඇත්තේ පැණිබීම සමාගම්වලින් ලැබෙන දැන්වීම් ආදායම බිඳ වැටීම පිළිබඳ බියක් හෝ එසේ නොමැති නම්, අදාළ බීම වර්ගයේ නම සඳහන් නො කර සිටි විට සෙසු බීම වර්ග නිපදවන සමාගම් ඒ තමන් නො වන බව කීම සඳහා වැඩිපුර දැන්වීම් පළ කරනු ඇතැයි බලාපොරොත්තුව...