Posts

Showing posts with the label පාසල් ක්‍රීඩා

සිසු ජීවිත බිලි ගන්නා පාසල් ස්පෝට්මීට්

Image
නිවාස සැරසිල්ලක් පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ සැරසිලි වෙනුවෙන් පුවක් ගසක් කැපීමට ගොස් ගසකින් වැටීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙක් මිය ගියේ ය. නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැරසිලි කිරීම සඳහා රාත්‍රිය පාසලේ නැවතීම යනු බොහෝ දෙනෙකුට ඉතා සොඳුරු අත්දැකීමකි. සැරසිලි කරනවාට අමතරව, හොර කුරුම්බා කැඩීම, මධ්‍යම රාත්‍රියේ බේකරියෙන් මිළ දී ගත් උණු පාන් කෑම වැනි තවත් රසවත් අත්දැකීම් ද මේ සමග වෙළී තිබේ. මේ අත්දැකීම් නව යොවුන් විය රසවත් කරන මුත්, ඒ සමග බැඳී තිබෙන අනතුරුදායකකම ඉතා භයානක ය. අප කුඩා කාලයේ මෙන් නොව දැන් දරුවන්ට සාමාන්‍ය ජීවිතය තුළින් ලැබෙන හසුරු කුසලතා අඩු ය. ඒ නිසා අනතුරුදායකකම  තවත් ඉහළ ගොස් තිබේ.  පාසල්වල නිවාස සැරසිලි යනු මේ වන විට මළ විකාරයකි. මේවා ස්වාභාවික ද්‍රව්‍යවලින් කළ යුතු බවට පාසල් බලධාරීන් විසින් කර තිබෙන නියෝග නිසා පාසල් සිසුන් අතින් අවුරුදු පතා සිදු වන පාරිසරික හානිය අති විශාල ය. ඵල දරන පුවක් ගස්, කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමනු ලැබේ. ඒ මදිවාට ගොක් අතු, පොල් කොළ ආදිය කපා දැමීම නිසා ඵලදාවට සිදු වන හානිය ද විශාල ය.  පස...