Posts

Showing posts with the label පාරජාතික ආණ්ඩුව

කොටි රටින් පිට ප්‍රතිසංවිධානය වෙති; පාරජාතික ආණ්ඩුවට ඡන්ද 2010 අප්‍රේල්

Image
(2009 අගෝස්තු 04 - W3Lanka) දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ප්‍රති සංවිධානය වෙමින් තිබෙන බව වාර්තා වේ. කොටි සංවිධානයේ නව නායකයා ලෙස පත් වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. ප්‍රතිවිරෝධතා සමනය කර ගනිමින් අභ්‍යන්තරව බලය තහවුරු කර ගනිමින් සිටින බව ද, ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන කොටි සංවිධානයට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලබා දීමට උත්සාහ ගනිමින් සිටින බව ද වාර්තා වේ. මෙහි ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ පාර ජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොටි සංවිධානය දරණ උත්සාහයයි. සත්කාරක රාජ්‍යයකින් තොරව රටින් පිට ආණ්ඩුවක් පිහිටුවන නව සංකල්පයක් වන මෙය සඳහා දෙමළ විදෙස්ගත ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ වන විට ප්‍රබල උත්සාහයක් දරමින් සිටින අතර, අදාළ මැතිවරණ 2010 අප්‍රේල් මස පැවැත්වීමට අදහස් කර ඇති බව එම කාර්යය පැවරී තිබෙන කොටි සංවිධානයේ නීති උපදේශක විසුවනාදන් රුද්‍රකුමාරන් ඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ නවතම කලාපය සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. රුද්‍රකුමාරන් යාපනයේ හිටපු පුරපතිවරයකුගේ පුත්‍රයකු වන ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි. ඔහු මීට පෙර සාම සාකච්ඡාවලදී...