Posts

Showing posts with the label පානීය ජලය

පහර දිය යුත්තේ බොන්නට වතුර ඉල්ලූ ජනතාවට ද?

Image
හම්බන්තොට බඳගිරියේ ජනතාව බොන්නට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ හ. එහිදී පහර දීම් හා අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ. ජනතා ප්‍ර‍ශ්න විසඳාගැනීම සඳහා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තිබේ.  ශුෂ්ක ප්‍රදේශයක පිහිටි බඳගිරියට උග්‍ර‍ පානීය ජල ගැටලුවක් තිබේ. පසුගිය මාර්තු 21දා ඇමති සජිත් ප්‍රේමදාස බඳගිරියේ හා බරවාකුඹුරේ ජනතාව හමු වී මෙම ප්‍ර‍දේශයේ පානීය ජල ප්‍ර‍ශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එපමණක් නොව, ඒ වෙනුවෙන් රු. මිලියන 400ක් වෙන් කර තිබෙන බව ද පැවසුවේ ය. ජනතාව උද්ඝෝෂණය කරන්නට ඇත්තේ විසඳුම් පමා වන නිසා ය.  පිරිසිදු පානීය ජලය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ලබා ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. 2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුලාශ්‍ර මඟින්. ( දිනමිණ 2014 - 02 - 27 ) ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10%කටවත් තවමත් පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය නැත. මේ අතර විෂ රසායනික ආදිය හේතුවෙන් භූගත ජලය දූෂණය වීම ද ඉහළ යමින් තිබේ. හම්බන්තොට ...

ප්ලාස්ටික් බෝතලෙන් ආපසු පයිප්පෙට | Back to tap

Image
(2010 අගෝස්තු 12,  W3Lanka )  වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයෝ දැන් ප්ලාස්ටික් බෝතල්වල පිරවූ පානීය ජලය බීමට පුරුදු වෙමින් සිටිති. ගමනේ බිමනේදී පහසුවට කරන මෙම පාවිච්චියෙහි අතුරු ඵල ලෙස දිරා නොයන ප්ලාස්ටික්වලින් භූමිය පිරෙන බව ද, ජල මාර්ග සිර වන බව ද, ඉවත දමන බෝතල් ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන්ගේ තිඹිරි ගෙවල් වන බව ද, බෝතල් නිෂ්පාදනයේදී වටිනා පොසිල ඉන්ධන කන්දරාවක් අපතේ යවන බව ද ඔබ දන්නවාද? එපමණකින් නොනැවතී එය විසින් ඔබේ ශරීර සෞඛයයට කරන හානිය කොපමණදැයි ඔබ සිතුවාද? මේ එක් වතුර බෝතල් වර්ගයක වෙළඳ නාමය ඇමරිකන් ය. කොහොමටත් මෙවැනි අනතුරුදායක පරිභෝජන රටාවන් ලෝකයට දායාද කර දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව රහසක් නොවේ. මේ විලාසිතාවේ පාරිභෝජනවාදයන්ගේ ආදීනව අපට එක්සත් ජනපදයෙන්ම විමසා බැලිය හැකිය. පසුගිය වසරේ ඇමරිකානුවෝ ඩොලර් බිලියන් 11ක බෝතල් වතුර ගැලුන් බිලියන අටක් බී බිලියන් 22ක් හිස් ප්ලාස්ටික් බෝතල් කසල ගොඩෙහි හෙළුවෝය. වතුර පුරවන ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා පමණක් ඇමරිකාව වසරකට වැය කරන තෙල් බැරල් ගණන මිලියන් 1.5කි. වාසනාවකට මෙන්, අපේ රජය අඩු තරමේ මේ ප්‍රශ්නය කෙරෙහි අවධානය වත් යො...