Posts

Showing posts with the label පාඩු ලබන රජයේ සමාගම්

ලෝකෙට ම එකයි! පාඩුව මහජනයා මත පටවන රජය නම් අපූරු සමාගම ජන සතු කළ යුතු ය

Image
මූලාශ්‍රය: ලංකාදීප (කරු ජයසූරිය මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.) ( 2010 නොවැම්බර් 26,  W3Lanka )  ලංකාවේ විශාලතම ව්‍යාපාරික සාමූහිකය රජයයි. එසේ ම, වැඩියෙන් ම පාඩු ලබන සමාගම් ටික අයත් වන්නේ ද මෙම දැවැත්ත කොම්පැනියටයි .   එහෙත්, මෙම සමාගම සුවිශේෂ එකකි. ලෝකයේ අන් කිසිම සමාගමක සිදු නො වන ආකාරයට ලාභ, පාඩු පිළිබඳ නො සලකා බිස්නස් කිරීමේ නිදහස මෙම සමාගම් කළමනාකරුවන් වන ආණ්ඩුවේ හිතවතුන්ට ඇත. මෙම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල හා කළමනාකරණයේ ඉන්නේ පරාජිත මැතිවරණ අපේක්ෂකයෝ, ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ, ඡන්දෙට කඩේ ගිය ඇම්බැට්ටයෝ, ගජමිතුරු ව්‍යාපාරිකයෝ හා රජ පවුලේ අන්තේවාසිකයෝ ය. මේ කළමනාකරුවෝ කළ මනා දේ හැර අන් හැම දෙයක් ම කරති.  පාඩු ලැබුවා ය කියා මෙම ආයතනවල කළමනාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. පාඩුව පියවීම සඳහා මහජනයාගෙන් තව තවත් බදු අය කරනු ලැබේ. පහත සඳහන් ලැයිස්තුව බලන්න. රජය නම් සමාගමට තේ කඩයකින්වත් ලාභ ලබන්නට බැරි බව එම ලැයිස්තුවේ පාඩු ලබන සමාගම්වල නම් කියැවූ විට වැටහෙනු ඇත. ලංකාවේ කිසිදු සුළු පරිමාණ බස් හිමියෙක් පාඩු ලබන්නේ නැත. එහෙත...