Posts

Showing posts with the label ප්‍රයිවෙට් බස්

අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

Image
(2011 ජුනි 26,   W3Lanka )   අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි. මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය: ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය. ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු...

බස් ස්ට්‍රයික්: ජනතාව පයින් හෝ ගොස් වැඩ

Image
(2011 ජුනි 24,   W3Lanka )   මේ රටේ ආණ්ඩුවකුත් ඇත. ඒත්, ලබන සඳුදා වැඩට යන්නට බස් තිබේ ද කිව නො හැක. ප්‍රයිවෙට් බස්කාරයෝ හිටි හැටියේ ස්ට්‍රයික් ය. ඔවුන්ට ලංගමෙන්, පොලිසියෙන් කරදරලු. ලංගම භාරව ඉන්න ඇමති ප්‍රයිවෙට් බස් හිමියෙකි.  ප්‍රයිවේට් බස්කාරයන්ට කැමති හැටියට පාරේ වමෙන්, දකුණෙන්, සෙනග වහලේ, සීට් යට පටවාගෙන කැමති වේගයකින් හෝ හෙමින් යන්නට පමණක් නොව ලංගමත් එක්ක පාරේ ගුටි ඇන ගන්නට ද ආණ්ඩුව දැනටත් ඉඩ දී තිබේ. දැන් 7.6%කින් බස් ගාස්තුව ද වැඩි කර දී ඇත. ප්‍රයිවෙට් බස් මුදලාලි ඇමතිවරයා වහා කීවේ දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවයි. එවිට ප්‍රයිවෙට් බස්වල සෙනග අඩු වීම වැළකේ.  ප්‍රයිවෙට් බස්කාරයන්ගේ චණ්ඩියා වන්නට ආණ්ඩුව සහ අනෙකුත් සංගම් සමග තරග වැටී සිටින (දුටු)ගැමුණු විජේරත්නට බස් ගාස්තුව 15%කින් වැඩි කිරීමට උවමනා ය. නැතිනම් 27දා, සඳුදා සිට බස් වර්ජනය කරවන බව ඔහු කියයි.  වසර දෙකකකින් ගාස්තු වැඩි නො කළ නිසා දුන් වැඩි වීම මදි බව ඔහු කියයි. ඔහු වැරදි ය. ඔහු මේ රටේ වැඩ කරන ජනතාව අනුගමනය කළ යුතු ය. මේ ර‍ටේ වැඩ කරන ජනතාවට දැන් වසර ගණනාවකින් හරි හමන් වැටුප් වැඩ...