Posts

Showing posts with the label ප්‍රභාකරන්ගේ බංකරය

ප්‍රභාකරන්ගේ බංක‍රය කඩා බිඳ දැමීම යනු කුමක් ද?

Image
1987 වසර. - ප්‍රභාකරන් ඉවුම් පිහුම්වල ඇලුම් කළ කෙනෙකු බව ඇඩෙල් බාලසිංහම්ගේ 'විල් ටු ‍ෆ්‍රීඩම්' පොතේ දැක්වේ.  මම පශ්චාත් යුද සංචාරකයකු ලෙස උතුර‍ට ගොස් නැත. එහෙයින් හමුදාව විසින් පසුගිය කාලයේ ප්‍රදර්ශනය කරමින් සිටි ප්‍රභාකරන්ගේ යයි කියන බංකරය ද දැක නැත්තෙමි. මට එය බලන්නට උවමනාවක් තිබුණේ ද නැත. ප්‍රභාකරන් සැතපුණ තැන් ඔය වන්නියේ හා ලංකාවේ උතුරේ තවත් බොහෝ තිබෙනවා විය හැකි ය. ඔහු‍ගේ මේ බංකරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ සුඛෝපභෝගී බංකරයක් ලෙසයි. වියන් ඇඳක්, පුටුවක්, දියවැඩියා රෝගියකු විසින් පාවිච්චි කරන්නට ඇතැයි සිතෙන ශීතකරණයකට ආදේශක උපකරණයක් වැනි දේ ඇති, වාතාශ්‍රය නැති, කළුවර, සීතල කුටියක් සුඛෝපභෝගී යයි සිතන්නට මට නම් හේතුවක් නැත. එහෙත්, ආණ්ඩුවෙන් කී නිසා බොහෝ ජනමාධ්‍ය ද එය ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී බංකරය ලෙස හැඳින්වූයේ ය.  මේ බංකරය දෙස බැලූ විට මට නම් පෙනෙන්නේ ප්‍රභාකරන් විසින් ගත කර තිබෙන්නේ අතිශය කටුක ජීවිතයක් බවයි. ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය විස්තර කිරීම සඳහා යොදා ගනු ලබන සෙසු ඡායාරූප ද එවැනි ය. මිතුරකුගේ නිවසේ සාමාන්‍ය කෑම මේසයක්, සැබෑ පිහිනුම් තටාකයකට කිසි සේත් සමාන...