Posts

Showing posts with the label ප්‍රගීත් එක්නැලිගොඩ

අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට සාක්කි කෝ?

Image
මේ දරුවන්ගේ පියා 2010 ජනාධිපතිවරණය පැවති ජනවාරි 26 දිනට පැය ගණනකට පෙර සිට දැන් තුන් වසරකට වැඩි කාලයක් ආ ගිය අතක් නැතිව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී කියා තිබේ.  මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු. මම ඔහුගේ ලිපි කියවා ඇත්තෙමි. කාටුන් රස විඳ ඇත්තෙමි.(ඔහුගේ කාටුන් මෙතැනින් බලන්න) ඔහු ස්ථිරව අතුරුදහන් වීමට පෙර කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගිය බවට ඔහු විසින් පවසන ලදී. ඔහුව ගෙන ගොස් රඳවා ගබා ගන්නා ලද වධකාගාරයක් පිළිබඳව ද ඔහු විස්තර කර තිබිණි. වධකාගාරයක අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් ජීවත් වී තිබෙන මෙම රචකයාට ඒ විස්තරයේ අභව්‍යකමක් දැනිණි. සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග යන මාධ්‍යවේදීන් මරා දැමීම හා ලලිත්, කුගන් වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් අතුරුදහන් කිරීම ඍජු දේශපාලන හා යුදමය ක්‍රියා ලෙස දකින මෙම...

ප්‍රගීත් තුළින් අප සොයමු | Let us explore ourselves through Prageeth

Image
(2010 අගෝස්තු 10,  W3Lanka )  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව දෙසිය දිනක් ඉක්ම ගොස් ඇත. මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු. ප්‍රගීත් අතුරුදහන් වී කාලය ගෙවී යන සෑම දිනයක් පාසා ම එහි වගකීමේ බර වැඩි වැඩියෙන් ආණ්ඩුව කර මතට වැටේ. සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග මරා දැමීම් ඍජු දේශපාලන හා යුදමය ඉලක්ක ලෙස දකින මෙම ලේඛකයා ප්‍රගීත් එවැනි ඉලක්කයක් වූ බව විශ්වාස කරන්නේ නැත. යමකු ප්‍රගීත් ඉලක්ක කළා නම් ඒ කණ්ඩායම් අරමුණකට වඩා පෞද්ගලික හේතු මත විය හැකි ය. ප්‍රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ඔහු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහු එක් පරපුරක සංකේතයක් යයි ලේඛකයාට සිතේ. මේ පරපුර වනාහි රැඩිකල් දේශපාලන අරමුණු, සමාජවාදය, පශ්චාත් නූතනවාදය, ඕෂෝ, පවුල, මුදල්, කලාව, ජීවිතය විඳීමේ අවශ්‍යතාව, කොළඹ දේශපාලන කණ්ඩායම්, පක්ෂයක් ගොඩනැඟීමේ සිහිනය, පසුගිය දේශපාලන ක්‍රියාකාරකම් පිළිබද අතීතකාමය, ව...

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension

Image
ප්‍රගීත්, බිරිද හා දරුවන් කිඹුලකු නොවී ඔහු ගැන සිතමු (2010 මැයි 10 -  W3Lanka )  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දින සියයකට වැඩි ය. ඔහු වෙබ් අඩවිවල ජනප්‍රිය මාතෘකාවක් වෙද්දී ඔහු පිළිබඳව අප ලියුවේ ඉතා මඳ වශයෙනි. ඊට හේතු කීපයක් තිබිණි. පසුගිය කාලයේ ලංකාවෙන් පළා නොයමින් විකල්ප අදහස් සන්නිවේදනයේ යෙදුණු හා අරගල කළ මාධ්‍යකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් කිහිපදෙනා ජීවිත අත්දැකීමෙන් හොඳින් දන්නා කරුණක් ඇත. එනම්, මාධ්‍යකරුවන් පැහැරගෙන ගිය, වධ හිංසනයට ලක් කළ, අතුරුදහන් කළ පිරිස ඒ දේ කළේ ආවාට ගියාට නොවන බවයි. එවැනි සෑම ක්‍රියාවක් ම ඉතා ම සැලසුම් සහගත අන්දමින් පැහැදිලිව තෝරා බේරාගෙන කළ ඒවා බව ද, එම පුද්ගලයන් පැහැදිලි මිලිටරි ඉලක්ක බව ද කිව හැකි ය. ඔවුන් මිලිටරි ඉලක්ක බවට පත් වූයේ ඔවුන් යුද්ධයේදී බලපෑම් සහගත අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයගේ සතුරු පාර්ශ්වයට සේවය කළ නිසා ය. ඇතැමෙක් ඉලක්ක වන්නට ඇත්තේ ඔවුන් මාධ්‍යකරුවන් ලෙස කළ කාර්යභාරය නිසා නොව වෙනත් කටයුතු නිසා ය. එක් එක් පුද්ගලයාට දෙන ලද දඬුවමේ ස්වභාවය අනුව ඔහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ පාර්ශ්වයට ඉලක්ක වූ ආකාරය සිතා ගත හැකි...

හංස සංදේශය ලියූ ප්‍රගීත් එක්නැලිගොඩ හෝමාගමදී අතුරුදහන්

Image
(2010 ජනවාරි 25 -W3Lanka) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සමග සම්බන්ධව කටයුතු කළ දේශපාලන විශ්ලේෂකයකු හා කාටුන් ශිල්පියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ ඊයේ රාත්‍රී සිට අතුරුදහන් වී ඇති බව එම වෙබ් අඩවිය පවසයි. ඔහු මීට පෙර ද පැහැරගෙන ගොස් මුදා හරිනු ලැබූ පුද්ගලයෙකි. විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක කටයුතුවලදී එක්නැලිගොඩ ලේඛකයකු ලෙස සම්බන්ධ වී තිබේ. මේ දිනවල බෙදා හරිමින් තිබෙන හංස සංදේශය නම් තියුණු උපහාසයකින් යුත් ජනප්‍රිය පුවත්පතකට ද ඔහු සම්බන්ධව සිටි බව දැනගන්නට ඇත. මෙම සිදුවීම පැහැරගෙන යාමකැයි මාධ්‍යවේදීහු සැක කරති.