පෙට්ටියක් තෝර ගත්ත ද? (එළවළු ප්‍රවාහනයට) / Plastic crate law of Sri Lanka
රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා තරමක් ඉන්නේ වෝහාරපතිලා ය. නීතිඥ මහින්ද රාජපක්ෂ පමණක් නො ව, අට පාස් ජොනී ද වෝහාරපති ය. ඔවුහු හිටගෙන, වාඩි වී, බිම දිගා වී, පිනුම් ගහමින්, උඩ පනිමින්, නටමින්, යන එන ගමන්, කමින්, බොමින් පවා නීති දමති. ඊටත් වඩා නීති කඩති. අලුත් ම නීතිය ඊයේ පටන් දමා ඇති එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්ය කිරීම ය. පරම්පරා ගණනක් තිස්සේ ගොවීන්, වෙළෙන්දන් එළවළු ප්‍රවාහනය කරන ක්‍රමවලින් එළවළුවලින් 30%ක් අපතේ යන බව කවුරුදෝ ආණ්ඩුවට කියා ඇත. ප්ලාස්ටික් පෙට්ටි පාවිච්චි කළා ම නාස්තිය 0% වෙනවා විය යුතු ය. එළවළු නාස්ති වන්නේ ගෝනිවල අට්ටි ගැසීම නිසා ම නො වේ. එළවළු ගොවියා හෝ මුදලාලිට 30%ක් නාස්ති කර ගැනීමේ අමාරුවක් නැත. නාස්තිය අවම කර ගන්නා හැටි ආණ්ඩුවේ නීති නැතුවාට බයිං ඇන් සෙලිං කරන කවුරුත් දනිති. ගොවීන් කියන්නේ කණ කර උගස් තියා එළවළු වවන, පොලිසැක් මල්ලට වියදම් කිරීමට රු. 25ක් නැති තමන්ට ප්ලාස්ටික් පෙට්ටි සඳහා වැය කිරීමට රු. දහස් ගණන් නැති බවයි. එසේ ම, එළවළු ටික විකුණා බස් එකේ ගෙදර එන ගොවීන්ට දැන් පෙට්ටි ටික ආපසු ගෙන එන්නට හයර් ගෙවන්...