Posts

Showing posts with the label පළාත්

ජානිපෙට ඇමති තනතුරු; පළාත් මායිම් අලුතින් නිර්ණය කරන්න යෝජනා

(2009 ජුලි 02) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සංචාරක ඇමතිවරයා ලෙසත් මන්ත්‍රී පියසිරි විජේනායක සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් නොවන ඇමතිවරයා ලෙසත් අද දින ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.  මේ අතර, භූගෝලීය සාධක හා විද්‍යානුකූල පදනමක්‌ මත ජාතික සංවර්ධනය හා ජාතික සමගිය ඉලක්‌ක කොට ගෙන මෙරට තුළ අලුතින් පළාත් නිර්ණය කිරීම සඳහා කොමිෂන් සභාවක්‌ පිහිටු විය යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් යෝජනා කරයි.  ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩු සමයේ සිටි ස්‌වදේශ කටයුතු භාර ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් නැගෙනහිර පළාතේ සීමා මායිම් ලකුණු කොට ඇත්තේ ජාතිය සමඟිය බිඳ වැටෙන අයුරින් යෑයි වීරවංශ මහතා චෝදනා කර සිටී. අද දින ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැත්වෙන රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා පිහිටුවනු ලැබූ සර්වපාක්‌ෂික කමිටු රැස්‌වීමේදී වීරවං...