බුදුන්ගේ නමින් බෙල්ල කපා ගන්නා මෙහෙව් රටක්
(2011 ජුලි 05, W3Lanka ) මහා පහන් කූඩුවක් ලෙස නම් කරන ආගමික ව්‍යාපාරික නිර්මානයක් විකිණීම සමබන්ධ ආරාවුලක් මුල් කර ගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පන්නල හෙට්ටිරිප්පුව ප්‍රදේශයේදී ඊයේ (04) සවස ඒ.එම්. ප්‍රගීත් නයන බණ්ඩාර (25) සහ ඩබ්ලිව්. ටී. සුමින්ද පීරිස් (28) නමැති තරුණයින් දෙදෙනකු ගෙල කපා මරා දමා ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මහා පහන් කූඩු යනු ලංකාවේ ප්‍රචණ්ඩ කල්ලි අතට පත් වී තිබෙන ජාවාරමක් වී තිබේ. මීට කලකට ඉහත රත්මලානේ පහන කූඩුව සමබන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇති වූ දිග්ගැසුණු ගැටුම හෙතුවෙන් මිනීමැරුම් මාලාවක් ම සිදු විය. මිනීමැරුම්වලට අමතරව කකුල් කැපීම් රැසක් ද සිදු විය. ඇතැම්හු පොලීසි ගියේ සතුරන්ගේ කැපූ කකුල කර තබාගෙන ය. මෙසේ මිනී මරා ගන්නේ බුදු පුදට යයි කියන නිර්මාන වෙනුවෙන් වීම හාස්‍යජනක ද ඛෙදජනක ද යන්න අපැහැදිලි ය. පහන් කූඩු ජාවාරම සිදු වන්නේ සමාජයේ පාතාල කණ්ඩායම් ආශ්‍රිතව ය. එහෙත්, තවත් ආගමික ජාවාරම් රැසක් බුදුන්ගේ ශ්‍රී නාමය පාවිච්චි කරමින් සමාජය වසා පැතිරී ඇත. විචිත්‍ර ධර්ම කථිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා භික්ෂූහු බුදුන් දෙසූ බණ නැවත කීමට ගායකයන් සං...