Posts

Showing posts with the label පශ්චාත් යුද

හමුදා සෙබළුන් පුනරුත්ථාපනය නො කිරීමේ ආදීනව

Image
‍ඇල්පිටියේදී මිය ගිය තරුණියගේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය ගත්තේ එහි වෝටර්මාක් දමා ඇති කට්ටිය ද? රට පුරා පැතිර යමින් ඇති අපරාධ රැල්ල යුද්ධයේ අතුරු ඵලයක් බව කීවොත් ඇතැමෙක් අප සමග උරණ වන බව නිසැක ය.  එහෙත්, එය ඇත්තකි. මෑත කාලයේ සිදු වූ භයානක අපරාධ හැම එකක ම පසුබිමේ රණවිර්වෙක් සිටියේ ය. ආසන්න ම සිද්ධිය වන ඇල්පිටියේදී සරසවි සිසුවියක් මරා දැමීම පසුපස ඉන්නේ ද හමුදා සෙබළෙකි.  1989 කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ කැරැලිකරුවන් හැසිරුණ ආකාරය හා හමුදා සෙබළුන් එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ මම අධ්‍යයනය කර ඇත්තෙමි. මෙම බලවේග දෙක ම හැසිරුණේ ලිහා දමන ලද දඩ බල්ලන් සේ ය.  ශිෂ්ටත්වය පිළිබඳ සමාජමය සීමා බන්ධන රහිත ලෝකයක සෑම මිනිසෙක් ම අඩු වැඩි වශයෙන් ම්ලේච්ඡයකු වන බව මගේ නිරීක්ෂණයයි. එහිදී මිනිසා තුළින් මතු වන ආශාව අතීතයේ පැවති මිනීමස් කෑමේ ආන්තික රුචිය වැනි දෙයකි. මිනීමස් ‍නොකෑවත්, අතිශය ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමීමේ හැකියාව මිනිසුන් තුළ ඇති වනු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.  එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි  දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක...

වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක් | Reading Wellassa rebellion in post-LTTE context

Image
( 2010 අගෝස්තු 25,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ ) ගිය අවුරුද්දේ ජුනි මස අප විසින් ලියන ලද මෙම ලිපියෙන් අප අරමුණු කළේ කුමක්ද යන්න අප ඒ වන විට පැවති වාතාවරණය තුළ නො ලියුවෙමු. එහෙත්, අ‍පගේ අරමුණ වූයේ 1818 වෙල්ලස්ස කැරැල්ල, කැරැලි මර්දනය හා දෙමළ කැරැල්ල හා  2009දී   කැරැලි මර්දනයත්, මර්දනයෙන් පසු තත්වයනුත් අතර සමානකම් හුවා දැක්වීමයි.  සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය. වෙල්ලස්සේ ජනතාව ඔහු රජු ලෙස පිළිගත් අතර, කිවුලේගෙදර මෙහොට්ටාල වැනි වැදි නායකයන්ගේ ආරක්ෂාව සහ සහාය ඔහුට ලැබිණි. කතරගම දෙවියන් විසින් තමන් රජකමට පත් කර ඇති බව 1817 ජුලියේදී දී ප්‍රකාශයට පත් කළ දොරේසාමි 'කුමාරයා' සපිරිවර සමඟ කතරගම සිට බුත්තලටද, එතැනින් වැදි ජනයාගේ පූජනීය කඳුවැටියක් වූ පදියතලාවේ කොකාගලට පැමිණියේය. මහ බදුල...