ආදරණීය පියල්, ඔබට අපේ ආචාරය! | Farewell beloved Piyal Parakrama
(2010 මාර්තු 04- W3Lanka ) පරිසරවේදී පියල් පරාක්රම හදිසියේ අභාවප්රාප්ත වූයේ ය. තම විෂය පිළිබඳ සියයට සියයක් කැප වී කටයුතු කළ විශිෂ්ඨ බුද්ධිමතකු සහ සමාජ ක්රියාධරයකු වූ ඔහු විසින් ලාංකීය දේශපාලන ප්රජාව තුළ කලකින් පිරවිය නො හැකි හිස් තැනක් ඉතිරි කර යයි. පියල්ගේ ගුණ කඳ සිහිපත් කරමින් අපි ඔහු මැතදී ජනලංකා පුවත්පතට ලියූ ලිපියක් අපි නැවත මෙසේ පළ කරමු. පියල්, ඔබට අපේ ආචාරය! ගෝලීය සංවර්ධනය හා දේශගුණයේ වෙනස්වීම් සටහන පියල් පරාක්රම විසිනි අද වෙමින් පවතින දේශගුණ වෙනස් වීම ස්වාභාවික කි්රයාවක් නොව, පැහැදිලිවම මිනිසාගේ කි්රයාකාරකම්වල ප්රතිඵලයකි. මෙම දේශගූණ වෙනස් විමට මූලික හේතුව මහ පොළවේ උණුසුම ඉහළ යාමයි. ඊට ප්රධානම හේතුව ලෙස සැලකෙන්නේ වායු ගෝලයට පිටවන CO2 වායුවේ ප්රමාණය ඉහළ යාමයි. එයට හේතුව වන්නේ පොසිල ඉන්ධන දහනය වේගයෙන් වර්ධනය විම සහ එම වායුව උරා ගෙන, වායු ගෝලයේ සමතුලිතතාව පවත්වා ගෙන ගිය ස්වාභාවික කි්රයාවලියට මුල් වූ වනාන්තරද එ් හා සමාන ශීඝ්රතාවයකින් විනාශ කිරීමයි. පොසිල දහනය ඉහළ යාම සහ වන වැස්ම පහළ යාම ලෝක සංවර්ධන විග්රහයේදි පොදුවේ හඳුන්වන්නේ සංවර්ධනයේ ප්රත...