ඕනැ එකෙක් ඕනැ රෙද්දක් ඇඳ ගත්තා ම කාටවත් මොක ද?
බොදු බල සේනාව ඒ පාර මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ගලවන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටින පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා හා නිකාබ් ඇඳුම් තහනම් කරන්නැයි බොදු බල සේනාව ඉල්ලා සිටියි. ඒ අතර දිලන්ත විතානගේ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්නේ තමන් හිජාබ් ඇඳුමට විරුද්ධ යයි ෂිංහුවා පුවත් සේවාව කර ඇති වාර්තා කිරීම වැරදි බවයි. ඔවුන් හිජාබ් ඇඳුමට විරුද්ධ නැතිලු. මම නම් ඕවා ගැන දන්නා රෙද්දක් නැත. මට හමු වන, මා සමග කතා කරන කෙනෙක් සමග නෙත්වලින් සම්බන්ධ වීමට මම නම් කැමති ය. සාමාන්‍යයෙන් පිරිමින්ට ස්ත්‍රීහු සුන්දර ය. මටත් එසේ ම ය. ගැහැනියකගේ සුන්දරත්වය බලන්නට ඇය මනසින් නිරුවත් කරන්නට ඕනෑ නැත. හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා දැන් විමල් වීරවංශ පක්ෂයේ නිලධාරියකු වන මුසම්මිල් ද මෑතදී මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගැන කතා කර තිබිණි. මුස්ලිම්වරයකු ලෙස ඔහු කියන කරුණ වැදගත් ය. ඔහුගේ අදහස සංක්ෂිප්ත කර ගතහොත් එයින් කියැවෙන්නේ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ උරුමය වඩා නිදහස්කාමී එකක් වූ බව හා ඇඳුම සම්බන්ධ කාරණාවලදී මුස්ලිම්වරුන් රටේ සෙසු ජාතීන්...