Posts

Showing posts with the label පදවිය

තෙන්නමරවාඩිය ගැන මතකය

Image
ස්තුතියි‍: සිලෝන් ටුඩේ / මාධව කුලසූරිය තෙන්නමරවාඩියට ගිය මේ ගමන මතක් වුණේ මෙන්න මේ ඡායාරූපය දැකලා. තෙන්නමරවාඩිය කියන්නේ මුලතිව්වලට දකුණින් නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව අද්දර පිහිටි ගමක්. එතැනට ගියේ මම පදවියේ වැඩ කරපු, යුද්ධය උත්සන්න වෙලා තිබුණු 1995 හෝ 1996 වගේ කාලෙ. එතකොට මම පදවියේ ලංකාදීප හා යුක්තිය වාර්තාකරු ලෙස වැඩ කළා.මම ඒ ගමන ගැන යුක්තියට ලිව්වා මතකයි. පදවි පරාක්‍රමපුර හිටි, හමුදාවේ නිලධාරීන් සමග යාලුකම් තිබුණු ව්‍යාපාරිකයකු වූ සනත් එක්ක තමයි මම ගමන ගියේ. සනත්ගේ නැගණියක් ඒ දිනවල මම උගන්වපු පන්තියක හිටියා.  පදවි ශ්‍රීපුර පසු කරලා සිංහපුර කියන පැරණි හමුදා කඳවුරකුත් පිහිටා තිබෙන පැරණි සිංහල ගම පසු කරලා කැළෑබද පාරකයි කෝකිලායි ආසන්නයට යන්න ඕනැ. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයි ද කියන්න බැහැ. සනත්ගේ සීඩී 125 ට්වින් බයිසිකලයෙන් වලවල වැටි වැටී ගිහින් කෝකිලායි කලපුවේ මෙහා කෙළවරේ තොටුපලටත් ගිහින් ධීවරයන් කී‍පදෙනෙකුත් එක්කත් කතා කරලා, කොක්කුතුඩුවායි කියන ගමේ හමුදා කඳවුරෙන් දවල්ට බතුත් කාලායි ආවේ. ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ. ගමක් කිව්වා...

වෛද්‍ය පර්යේෂකයන් අත කෙළි බඩු වී ඇති රජරට වකුගඩු

Image
( 2011 ජනවාරි 17,  W3Lanka )  රජරට වකුගඩු උවදුර අතිශය දුක්ඛිත තත්වයකි. ඇතැම් ප්‍රදේශවල එක ම පවුලේ වැසියෝ එකා පිට එකා වකුගඩු රෝගවලින් මිය යති. කොයි මොහොතේ කාට වකුගඩු ආබාධයක් ඇති වේ ද කියා කියන්නට බැරි ය. වකුගඩු නරක් වූ විට වකුගඩුවක් බද්ධ කිරීම හැර අන් විසඳුමක් නැත. එය සංකීර්ණ, වියදම් අධික සැත්කමකි. සැත්කමින් පසු ච රෝගියාට පූර්ණ වශයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ නැත. රජරට වතුගඩු රෝගය පිළිබඳ විවිධ වෛද්‍ය පර්යේෂකයෝ වරින් වර විවිධ මත පළ කරති. මේ පිළිබඳ වෛද්‍ය විවාදයක් ද ඇතැයි සිතිය හැකි ය. මේ පසුගිය දෙසැම්බර් 22දා දිනමිණ පුවත්පතේ වාර්තාවකි. "උතුරුමැද හා ඌව පළාත්වල බහුලව පවතින වකුගඩු රෝගය පැතිර යෑමට නීල හරිත ඇල්ගී විශේෂය හේතු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. මේ නීලහරිත ඇල්ගී ශාකය මඟින් නිකුත් කෙරෙන විස ද්‍රව්‍යයක් නිසා පුද්ගලයන්ගේ වකුගඩුවලට හානි පැමිණෙන බව සොයාගෙන ඇත. මේ ප්‍රදේශවල වැව් හා ඇළ මාර්ග ආශ්‍රිතව මේ ශාකය ව්‍යාප්තව පවතින අතර, ජල මාර්ගවලින් ලබාගන්නා ජලය උණුකර පානයට ගැනීම සිදුකළත් අධික තාපයට ද මේ විස ...