Posts

Showing posts with the label පඩි පාලක සභා

වැටුප් වැඩි කිරීමේ පොරොන්දු සියල්ල කඩ වේ; පඩි පාලක සභා වැටුප් වැඩි කිරීමේ ඇත්ත මෙන්න | The truth behind Wages Board wage increase; all promises gone in the wind

(2010 මැයි 01 -  W3Lanka )   පසුගිය මැතිවරණ සමයේ ‍රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට රජය දුන් පොරොන්දු සියල්ල කඩ කිරීම මෙවර රජයේ මැයි දින තේමාව වී තිබේ.  පඩි පාලක සභා මඟින් ආවරණය වන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප 20% සිට 45% දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන නව ඇමැති ගාමිණි ලොකුගේ කරන ප්‍රකාශය ද වංචාකාරී ය. මන්ද, එයින් ද කිසිදු වැටුප් වැඩි වීමක් සිදු නොවන හෙයිනි. මේ පිළිබඳව නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් මෙසේ පවසයි. "පඩි පාලක සභාවලින් තීරණය කරන්නේ වෘත්තීය ක්ෂේත්‍රයක අවම වැටුප පමණයි. මේ වැඩි කර තිබෙන්නේ ඒ අවම වැටුපයි. ඒත්, ප්‍රායෝගිකව හා සාමාන්‍යයෙන් සේවා කාලය හා වාත්තීය සටන් හේතුවෙන් මෙම සේවකයන්ගේ වැටුප් මේ වන විට අවම මට්ටමට වඩා වැඩියි. ඒ නිසා රජය ප්‍රකාශ කරනවැටුප් වැඩි වීම ඒ අයට ලැබෙන්නේ නැහැ." පඩි පාලක සභා පිහිටුවා තිබෙන්නේ 1941 අංක 27 දරන පඩි පාලක සභා ආඥා පනත යටතේ ය. පඩි පාලක සභා 27කින් ආවරණය වන සේවක සංඛ්‍යාව ලක්ෂ 25ක් පමණ වන බව ඇන්ටන් මාකස් පවසයි. එහෙත් ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක ...