Posts

Showing posts with the label පච්ච

ආගමික සංකේත පච්ච කොටන්නෝ හා පච්ච කොටාගත් අය පිටුවහල් කරන්නෝ

Image
පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක නයෝමි කෝල්මන් උරහිසේ බුදුරුවක් පච්ච කොටාගෙන සිටි සංචාරක කාන්තාවක් රටින් පිටුවහල් කරන ලදී.  නිවෙස්වල බුද්ධ රූප ඇත. එහෙත්, ඒ බුද්ධ රූප යට සිටිමින් පස් පව් කරනු ද දැකිය හැකි ය. කාර්යාල, කඩ, බස් ආදියේ ද බුද්ධ රූප ඉදිරියේ තබාගෙන වංචා, සොරකම්, දූෂණ‍, දුරාචාර, විෂමාචාර කරනු දක්නට හැකි ය.  ඉස්සර නම්, කරේ එල්ලන ධර්ම චක්‍ර, බුද්ධ රූප සහිත මාල පෙති ආදිය ලංකාවේ පිංකම්පොළවල සල්පිල්හි විකුණන්නට තිබිණි. තැන‍, නො තැන නො බලා හංදි හංදි ගානේ බුද්ධ රූප තැබීම නම් මෑත කාලයේ සිට සිදු වන දෙයකි. විශේෂයෙන් ම, පාරවල් සංවර්ධනය කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම වළක්වා ගැනීමට ද බුද්ධ රූප භාවිතා වී තිබේ. එසේම, අන්‍යාගමිකයන් සිටින ප්‍රදේශවල බෞද්ධ ආධිපත්‍යය සලකුණු කිරීමට ද අතන මෙතන බුද්ධ රූප තැන්පත් කරනු ලැබේ.  බුදු රුව, බෝ කොළ, ධර්ම චක්‍රය, බුදු සරණයි, අම්මා බුදු වේවා වැනි වචන ආදිය පච්ච කොටා ගත් මිනිස්සු ලංකාවේදී ද අපට හමු වෙති.  බුදු දහම වෙනත් ඇතැම් ආගම් මෙන් ජනයා මත ආධිපත්‍යය පතුරුවන ලද ආගමක් නොවේ. එහි තිබුණේ නිදහස් භාවිතාවකි.එසේම, බුදු ...