හමුදාවෙන් බිහි වූ ජනකවියක්
සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන හමුදා නිලධාරියකු සමග කරන ලද කතාබහකදී ඔහු කියූ අපූරු කවියක් ගැනයි මෙය ලියන්නේ. මෙය අපූරු නූතන ජනකවියක් ලෙසයි මට පෙනෙන්නේ. ඔහු කී පරිදි මෙම කවිය හමු වී තිබෙන්නේ හමුදා කඳවුරක බිත්තියේ කුරුටු ගා තිබියදීයි. මේ හමුදා කඳවුරේ තිබුණු ජල හිඟයක් නිසා කඳවුරට ජලය සැපයුණේ බව්සර්වලිනි. එහෙයින් ජල පාවිච්චිය සඳහා සීමා පනවා තිබිණි. එහෙත්, නිලධාරි නිවස්නයේ අය වැඩිපුර වතුර ටිකක් ගත් අතර, ඊළඟට සාජන් හා කෝප්‍රල් තනතුරු දැරූ අය ද වැඩිපුර වතුර ටිකක් පාවිච්චි කළ හ. සාමාන්‍ය සෙබළුන්ට මේ නිසා ජලය මදි විය. මේ කවි සිතක් ඇති හමුදා සෙබළෙක් සිය හැඟීම් පළ කළ ආකාරයයි. උඩ වතුර තරුවලට මැද වතුර පටිවලට මඩ වතුර පොඩි අපට කොටි ගහල මදි තොපට මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අ...