ජවිපෙට හම්බන්තොටින් ආසනය අහිමි වීම | JVP losing seat from Hambanthota
(2010 අප්‍රේල් 10 - W3Lanka ) ජවිපෙ 1994 ඡන්දයේදී සිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන ආරම්භ කළේ ආරිය බුලේගොඩගේ ශ්‍රි ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් දිනා ගැනීමෙනි. මෙම ආසනය දිගට ම හෙබවූයේ ජවිපෙ පැරණි සාමාජිකයකු වන නිහාල් ගලප්පත්ති විසිනි. වැඩි ම පාර්ලිමේන්තු අත්දැකීම් ප්‍රමාණයක් ඇති ජවිපෙ සාමාජිකයා නිහාල් ගලප්පත්ති ය. එහෙත්, ගලප්පත්ති යනු විමල් වීරවංශ ඉවත් කිරීමෙන් පසු පවා ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වීමට සුදුස්සෙක් නොවීය. එහෙත් පැරණි සාමාජිකයකු වීම නිසා ඔහු හැමදාමත් ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී විය. හැත්තෑව දශකයේ සිට ජවිපෙ හිතවතකු වූ විජිත රණවීර නම් වලව්කාර සුරුවම ද 2004දී ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුව එක් වූ බව දන්නෙ ජවිපෙ සාමාජිකයන් ම පමණි. සංකේතාත්මකව වැදගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනය ජවිපෙට අහිමි කිරීමේ වගකීමෙන් සැලකිය යුතු පංගුවක් මෙම අකාර්යක්ෂම මන්ත්‍රීන් දෙබාන භාර ගත යුතු ය. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වැඩි පිරිසක් මෙවැනි සුරුවම් වුණා විනා බිම් ...