Posts

Showing posts with the label නිකාබ්

අනුන් නිරුවත් කරමු ද? අලුත් ඇඳුමක් අඳිමු ද?

Image
පොලීසිය විසින් ඝාතනය කරන ලද පාතාල නායකයකු වන මාමස්මි බුර්කා ඇඳගෙන සිටි බවක් කියමින්, බුර්කා හා නිකාබ් තහනම් කළ යුතු බවට ගෝරනාඩු කරන සිංහල, බෞද්ධ ආගමික අන්තවාදීන් විසින් මෙම ඡායාරූප අධ්‍යයනය කළ යුතුව තිබේ.  බුද්ධගයාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු චීවරයට සමාන ඇඳුමක් ඇඳගෙන සිට ඇති බව එරට බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබූ දළ රූප සටහන් වලින් පෙනේ.  සිවුරෙන් මුහුණ වැසෙන්නේ නැතිමුත්, එතුළ ද සෑහෙන දේවල් සඟවාගන්නට පුළුවන. මේ බෝම්බ සඟවාගෙන ආවේ සිවුරු අස්සේ වන්නට පුළුවන. දැන් ඉතින් අපි සිවුර තහනම් කළ යුතු යයි තර්ක කරනවා ද? මේ විදියට ආවුද සඟවාගෙන පැමිණිය හැකි සියලු ඇඳුම් තහනම් ක‍රන්නට ගියොත් අපට යළි රෙදි නො ඇඳි යුගයට යන්නට සිදු වනු ඇත.  අප විසින් කළ යුතුව තිබෙන්නේ මිනිසුන්ගේ තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇවිරීම නො‍වේ. මිනිසුන් තවත් මිනිසුන්ට හිංසා කිරීම සඳහා අවි පරිහරණය කරන අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයට ඉඩ නො තබන අන්දමින් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කිරීමයි. සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස වැනි කාරණා වැදගත් වන්නේ ...

ඕනැ එකෙක් ඕනැ රෙද්දක් ඇඳ ගත්තා ම කාටවත් මොක ද?

Image
බොදු බල සේනාව ඒ පාර මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ගලවන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටින පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.  ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා හා නිකාබ් ඇඳුම් තහනම්  කරන්නැයි බොදු බල සේනාව ඉල්ලා සිටියි. ඒ අතර දිලන්ත විතානගේ සිය ‍ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්නේ තමන් හිජාබ් ඇඳුමට විරුද්ධ යයි ෂිංහුවා පුවත් සේවාව කර ඇති වාර්තා කිරීම වැරදි බවයි. ඔවුන් හිජාබ් ඇඳුමට විරුද්ධ නැතිලු.  මම නම් ඕවා ගැන දන්නා රෙද්දක් නැත. මට හමු වන, මා සමග කතා කරන කෙනෙක් සමග නෙත්වලින් සම්බන්ධ වීමට මම නම් කැමති‍ ය. සාමාන්‍යයෙන් පිරිමින්ට ස්ත්‍රීහු සුන්දර ය. මටත් එසේ ම ය. ගැහැනියකගේ සුන්දරත්වය බලන්නට ඇය මනසින් නිරුවත් කරන්නට ඕනෑ නැත.  හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා දැන් විමල් වීරවංශ පක්ෂයේ නිලධාරියකු වන මුසම්මිල් ද මෑතදී මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගැන කතා කර තිබිණි. මුස්ලිම්වරයකු ලෙස ඔහු කියන කරුණ වැදගත් ය. ඔහුගේ අදහස සංක්ෂිප්ත කර ගතහොත් එයින් කියැවෙන්නේ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ උරුමය වඩා නිදහස්කාමී එකක් වූ බව හා ඇඳුම සම්බන්ධ කාරණාවලදී මුස්ලිම්වරුන් රටේ සෙසු ජාතීන්...