Posts

Showing posts with the label නවගත්තේගම

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය

Image
පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්ද‍ගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ.  සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා. නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා. හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්. ...