Posts

Showing posts with the label නව යොවුන්

බාල වයස්කාර ගැබ් ගැනීම්, ලිංගික අධ්‍යාපනය හා සමාජ ආකල්ප

Image
(මෙම ඡායාරූපය හා අදාළ පුවත අතර ඍජු සම්බන්ධයක් නැත.) (2011 පෙබරවාරි 03,  W3Lanka ) බාලවයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම් 15ක් ජනවාරි මාසයේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වාර්තා කරයි. මෙම ගැබිනි දැරියන් වයස අවුරුදු 14 – 16 අතර වන බව ද ඔවුන් පිළිබඳ වාර්තා වී ඇති ප්‍රදේශ කීපයක් ලෙස වව්නියාව, බද්දේගම, ගම්පහ, අලව්ව, ගම්පොළ, ඇල්පිටිය, පිටිගල, ලුණුවිල, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, ග්‍රෑන්ඩ්පාස් නම් කර තිබේ. දරුවෙකු බිහිකිරීමට යෝග්‍ය නොවන වයසේ පසුවන තිස්‌ දහසක්‌ පමණ වසරකට ගැබ් ගන්නා බව සමීක්‍ෂණයකදී හෙළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් ගැබ් ගැනීමට සුදුසු මානසික මට්‌ටමකින් හා දරා ගැනීමේ හැකියාවකින් යුක්ත නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ අඩු වයසින් ගැබ් ගන්නා දැරියන් දෙස සමාජය බලන්නේ වපර ඇසින් වන අතර නියත වශයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. බොහෝ විට විවාහ ජීවිත ද අසාර්ථක වන අතර බොහෝ දැරියන්ගේ ජීවිත මුළුමනින්ම කාලකන්නි වී යයි. මේ තත්වය වළක්වා ගැනීම සඳහා එක් මාර්ගයක් වන්නේ නව යොවුන් වියට එළඹෙන...

පාසල්වල ප්‍රධාන ප්‍රශ්නය කොණ්ඩා හා ඇඳුම් ද? | Are the major issues in schools the haircuts and the clothing?

Image
( 2010 නොවැම්බර් 13,  W3Lanka )   පසුගිය 9 වන දින මාතර නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක 11, 12, 13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් 18 දෙනකුගේ කොණ්ඩය බලෙන් කැපූ ගුරුවරියන් තිදෙනකු පිළිබඳ මාතර පොලිසිය පරීක්ෂණ පවත්වන බව අද දිනමිණ වාර්තා කර තිබේ. මේ වන විට ලංකාවේ අධ්‍යාපන පද්ධතියට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සිසුන්ගේ කොණ්ඩා හා නිල ඇඳුම් ය. අප කියන්නේ බොරුවක් නො වන බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කීපදෙනෙකුගෙන් විමසුවොත් දැනගන්නට පුළුවන.  විමල් අයියා, නාමල් අයියා වැනි අය කොණ්ඩයේ ජෙල් ගා ලස්සනට ඉඳිද්දී පාසල් දරුවෝ ද එය අනුගමනය කරති. එහෙත්, විදුහල්පතිවරු එයට අකැමැති වෙති. කොණ්ඩා දිගට කැපුවත්, කොටට කැපුවත්, ශිරන්ති කට්. අයෝමා කට් කැපුවත් පාසල්වල විදුහල්පතිවරු එය නො රුස්සති. එසේ ම සිසුන් කමිසය යට කරන ආකාරය, බැගය එල්ලාගෙන එන ආකාරය පිළිබඳ පවා කම්පා වී ගුරුවරු වැඩි දෙනෙක් දියවැඩියා හදා ගනිති. (හෙට ලෝක දියවැඩියා දිනයයි..)  මෙතැන ඇති ප්‍රශ්නය දිළිඳුකම හා සමාජ පසුගාමිත්වය බව ගුරුවරු නො දනිති. විලාසිතා කිරීමට මුදල් ද, මුදල් තිබුණත් ඇඳ පැළඳගෙන යන්නට තැනක් ද නැති නිසා පාසල් සිසුන් දන්...