Posts

Showing posts with the label නලින් ප්‍රදීප් උඩවෙල

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දර ම පෙම් පුරාවත

Image
දස්කොන් - ප්‍රමිලා කතාව සිංහල ජනප්‍රවාදයේ එන සුන්දර ම ප්‍රේම කතාවයි. මීට පෙර ජෝන් ද සිල්වා ශූරීහු ද මෙම කතාව ඇසුරින් නාට්‍යයක් නිර්මානය කළේ ය. ජයලත් මනෝරත්නයන්ගේ අභිනව නාට්‍යය වන 'සෙල්ලම් නිරිඳු' සඳහා පාදක වන්නේ ද මෙම කතා පුවතයි. මීට පෙර මතුගම ශ්‍රවණාගාරයේදී ම ජයලත් මනෝරත්නගේ 'බූරුවා මහත්තයා' බැලීමට ගිය මම පළමු වතාව‍ට නාට්‍යයක් අතරමගදී නැගිට ආවෙමි. සෙනග හා අධික උණුසුම පමණක් නොව නාට්‍යයේ දුර්වලකම ද එසේ කරන්නට හේතු විය. වාර්තා රංගයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සෙල්ලම් නිරිඳු නැරඹීමෙන් පසු මට සිතෙන්නේ එය ඉන් ඔබ්බට විහිදෙන විශිෂ්ට නාට්‍යයක් බවයි. මනෝරත්නයන් බලවත් පරිශ්‍රමයක් දරමින් සුවිසල් හැදෑරීමක් කර තිබේ.සෙල්ලම් නිරිඳු හුදු නා‍ට්‍යයක් පමණක් නො වේ. ඉතිහාස කථනයකි. නාට්‍යය තුළ ඉතිහාසය පිළිබඳ අපූරු කතිකාවක් දිග හැරේ. ඒ වනාහි ඉතිහාසඥයාගේ කථනය හා ජන කලාකරුවාගේ කථනය යන දෙක අතර ඇති පරස්පරතා හා සාම්‍යයන් පිළිබඳ කතිකාවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් විද්‍යාත්මක ඉතිහාසය හා ජන කතා අතර ගැටුම හා ඒකීයත්වය පිළිබඳ කතිකාවකි. දස්කොන් - ප්‍රමිලා කතාව පිළිබඳ ජනප්‍රවාදයේ ඇති සුඛන...