ආසි හංගාගෙන ගුණදාස අමරසේකර නම් පොරවෙන් වාසි ගන්නට හදන ආණ්ඩුවේ ඕමි කෙළිය

(2011 මැයි 22, W3Lanka ) රටේ ප්‍රශ්න රට ඇතුළේ විසඳා නො ගෙන කල් මැරීමේ හා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් බටහිර බලවතුන්ගේ හා ඉන්දීය උවමනාව මත කටයුතු කරන්නට සිදු වී තිබෙන ලංකාවේ ආණ්ඩුව ආසියා තියාගෙන පොරොවෙන් වාසි ගන්න උත්සාහ කරන සෙල්ලමක් පටන් ගැනීමට සැරසෙන බව වාර්තා වේ. ආසියා විමල් වීරවංශ යැංකි අධිරාජ්‍යයේ මහ බලකොටුව වන නිව්යෝක් නුවරට ඔත්තු බැලීමේ අභීත මෙහෙයුමක් (reconnaissance mission) ගොස් ඇත. ආසියා හංගාගෙන ගහන්න හදන පොරව වයෝවෘද්ධ ගුණදාස අමරසේකරයි. ඔහු පිටිපස්සෙන් බූරුවාගේ සිට හතේ කොළේ දක්වා සෙසු තුරුම්පු පෙළට සිට ගනු ඇත. ඉන්දීය බලපෑම් හා දෙමළ ජාතික සන්ධානය සමග කරන සාකච්ඡාවලට එරෙහිව උද්ඝෝෂණයක් මැයි 30දා කොළඹදී කරන්න දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය සූදානම් වෙමින් සිටියි. ගුණදාස අමරසේකරගේ ගනඳුරෙන් එළිය දකින්නට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ නො කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. විරෝධය ඉන්දියාවටයි. ඉන්දියාව ලංකාව එහි ග්‍රහනයට ගන්නවාලු. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරන්න බල කරනවාලු. බලය බෙදන්න කියනවාලු. ...