Posts

Showing posts with the label දේවසරණ

71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

Image
ඡායාරූපය: විකල්ප අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය. සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත. එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළෙමි. අලියාට තම පුංචි ඇසින් තම විශාලත්වය නො පෙනෙන්නා සේ සරත් ප්‍රනාන්දු තම ස්වයං ලිඛිත චරිතාපදානය පිටු කීපයකට සීමා කර ඇත. ඔහු පිළිබඳ අප දන්නා බොහෝ දේ ද ඔහුගේ චරිතාපදානයේ නැත. සමාජ සාධාරණත්වය වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරා ම සටන් කළ සරත් ප්‍රනාන්දු සිය ජීවිත කතාව ලියූ ආකාරයෙන් සමාජයට බරපතල අසාධාරණයක් කර ඇති බව මගේ අදහසයි. ඉංජිනේරු උපාධිය අතහැර දමා කැරැලිකරුවකු වී, පසුව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රට පුරාත්, ලොව පුරාත් සැරිසරමින්, ජනතාව සමග සංවාදගත වෙමින්, දැක්ම නිර්මානය කරන්නකු ලෙස ඔහු රැඟූ විශිෂ්ට භූමිකාවේ ඓතිහාසික උරුමය ඔහුගේ පොතෙන් සමාජයට ලැබෙන්නේ අඩුවෙනි. 71 කැරැලිකරුවන් වී, ඉන් පසු සමාජ ක්‍රියාකාරිකයන් ලෙස සුවිසල් වැඩකොටසක් කළ, දැන් ජීවිතයේ සැඳ...