Posts

Showing posts with the label දෙමළ පුවත්පත්

යාපනයේ උදයන් පුවත්පතට අවසන් නිවේදනයක් එයි

Image
යාපනයේ පළ වන දෙමළ පුවත්පතක් වන උදයන් පුවත්පතේ වාර්තාකරුවන්, නියෝජිතයන් හා සේවකයන් ජුනි 30 වන විට ඉල්ලා අස් විය යුතු බවත්, එසේ නොකරන අයට මරණ දඬුවම හිමි වනු ඇති බවත් ජුනි 27දා සෙනසුරාදා එම පුවත්පතේ කාර්යාලයට හා සියලුම වෙළඳ නියෝජිතයන් වෙත ලැබී ඇති නිර්නාමික තර්ජනයකින් කියැවේ.  සමාජයේ සහජීවනය හා නිදහස දිනා ගත් පසු උදයන් පුවත්පතේ පුවත් තිරසාර සාමය විනාශ කිරීමට ඉලක්ක කරන බවත්, පොදු ජනයා ත්‍රස්තවාදීන් බවට පත් කරන බවත් එම ලිපිය පවසයි. එම ප්‍රවෘත්ති මගින් දෙමළ ජනයා අතර ජාතිවාදී හැඟීම් ප්‍රවර්ධනය කරන බව හා සාමය විනාශ කරන බවද පවසන නිවේදනය "ඔබේ පුවත් ඇත්ත සත්‍යය විකෘති කළ ඒවා" යි ද පවසයි.  1985දී ආරම්භ වූ උදයන් යනු යාපනයේ අඛණ්ඩවම පළ කෙරෙන ස්වාධීන දෙමළ පුවත්පතකි. එය දිගින් දිගටම මරණීය තර්ජනවලට ලක් විය.  අගෝස්තු 08දා පැවැත්වීමට නියමිත යාපනය මහ නගර සභාව සඳහා ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් ආරම්භ වී තිබේ.