ලංකාවේ සුළු ජාතික දේශපාලනයේ තීරණාත්මක සමුළුවක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ
(2009 නොවැම්බර් 19 - W3Lanka ) එල්ටී.ටී.ඊ. නො වන දෙමළ කතාකරන දේශපාලන පක්ෂවල සමුළුවක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ සුරිච්හි පැවැත්වේ. ඊයේ ඇරඹුණ මෙම සමුළුව හෙට අවසන් වීමට නියමිත ය. කලින් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල එකමුතුවක් ලෙස පැවත පසුව අක්‍රිය තත්වයක පැවති, කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු යළි ක්‍රියාත්මක වන දෙමළ තොරතුරු මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව කැඳවා තිබේ. එහෙත් මෙම සමුළුව කඩිමුඩියේ සංවිධානය කර ඇති එකක් බව පෙනෙන අතර, ඒ පිළිබඳ කිසිදු තොරතුරක් එම සංවිධානයෙහි වෙබ් අඩවියෙහි දක්නට නො ලැබේ. කෙසේ වෙතත්, මෙම සමුළුවට සහභාගි වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර්. සම්බන්ධන්, දෙ.ජා.ස. මන්ත්‍රී මාවෛ සේනාධිරාජා, දෙ.ජා.ස. මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් එක් කණ්ඩායමක නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙ.ජා.ස. මන්ත්‍රී සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ලංකා වතු කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන්, එම පක්ෂයේ ම මුත්තු සිවලිංගම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද, කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන්, දෙමළ...