අනේ දිලන්ත මේ මොනවද කියන්නේ?
බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ විසින් සිය ජීවිතාරක්ෂාව පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යවා තිබෙන ලියුම ඉතා වැදගත් ලේඛනයකි. එය විසින් හෙළිදරව් කරනු ලබන්නේ ලංකාවේ පවතින ආණ්ඩුවේ යථාර්ථයයි. ආණ්ඩුව ගැන මෙතෙක් කල් මේ කාරණා කිව්වේ දේශද්‍රෝහීන් යයි නම් කෙරුණු පුද්ගලයෝ ය. මේ වනාහි සිංහල ජාතිවාදියකුගේ ඇසින් යථාර්ථය විමසන කදිම පර්යේෂණ පත්‍රිකාවකි. මෙම නීරස ලිපිය උඩින් පල්ලෙන් කියවූ මට පහත සඳහන්කාරණා ටික සඳහන් කරන්නට සිත් විය. බොදු බල සේනා සංවිධානය විසින් කරමින් සිටින්නේ බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක් බව අපි මුල සිට ම කීවෙමු. විශේෂයෙන් ම මෑත කාලයේදී ඔවුන් දිගින් දිගට ම කළේ බටහිර පන්දු රකින්නන් සිටි තැන්වලට උඩ පන්දු එල්ල කිරීමයි. බොදු බල සේනාව සිය අති ධාවනකාරී බල දේශපාලන උපායමාර්ගයන් තුළ පාලක පවුලේ විභේදනයන් අැති කරන්නට යාම ඇත්තෙන් ම දැළි පිහියෙන් කිරි කෑමක් විය. දැන් ඔවුන් භුක්ති විඳින්නේ එහි ආදීනව විය හැකි ය. බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මතු කරනු ලබන කාරණා තුළින් රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව හ...